ප්රභාකරන්ගේ සගයෙකුවු එම් ඞී එම් කේ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් වයිකෝ ප්රභාකරන්ගේ පියාගේ මළගම නිමිත්තෙන් දුරකතනයෙන් පැවැත්වු කතාව ලවුඩ්ස්පීකර වලින් වැල්විටිතුරෙයි ප‍්‍රදේශයේ ප‍්‍රචාරය කෙරු බව ඉන්දියානු පුවත්පත්හි පළවේ. ඇල්ටීටීඊයට පක්ෂපාතී දේශපාලනඥයෙක්වු වයිකෝ දෙමළ සිංහල එකමුතුව නොරුස්සන්නෙකි. ලංකාව බෙදා ඊලම් රටක් පිහිටුවිම ඔහුගේ පරමාර්ථයයි. මේ සදහා ඇල්ටීටීඊයට ආධාර කළ හැටිත් ප‍්‍රභාකරන් සහ වයිකෝ ලංකාවේ ඇල්ටිටීඊ යුද්ධ කදවුරුවලදී ගත් ඡුායාරූපත් යුද්ධ කාලයේදී ලංකාවේ රජයේ රුපවාහිනී නාලිකා මගින් ප‍්‍රදර්ශනය කෙරුනි.
ප‍්‍රභාකරන්ගේ පියාගේ මළගම නිමිත්තෙන් වයිකෝ දුරකතනයෙන් කළ කථාව ජාතිවාදී එකකි. එබැවින් වයිකෝ ගේ කතා ලවුඩ්ස්පීකර් වලින් වැල්විටිතුරෙයි ප‍්‍රදේශයේ ප‍්‍රචාරය කළ පුද්ගලයින් ගැන ආරක්ෂක අංශයේ අවධානය යොමුවිය යුතුය. යළිත් ත‍්‍රස්තවාදය නැංවිමට කටයුතු කිරීම මෙවැනි කටයුතු වල යෙදෙන්නන්ගේ අරමුණ බවට සැක නැත.