උතුරේ අවතැන්වූ ජනතාව වෙනුවෙන් ආධාර රැගත් එම්.වී. කැප්ටන් කොලරාඩෝ නෞකාව මේ වන විට කොළඹ වරායට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
රුපියල් මිලියන 16.7ක වටිනාකමින් යුත් භාණ්ඩ මෙට්‍රික් ටොන් 650ක් සමඟ මෙම නෞකාව මෙරටට පැමිණ ඇත. මෙම භාණ්ඩ තොගය අතර සහල්, පිටි, කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙන්ම ඖෂධ වර්ග ද, ළදරු ආහාර ද අඩංගු වේ.
මෙම ද්‍රව්‍ය වව්නියාව සුබසාධන මධ්‍යස්ථානවල සිටින ජනතාව වෙත බෙදාහැරීමට අපේක්ෂා කෙරේ.
ඉන්දියානු රතු කුරුසයේ ආධාර රැගෙන මෙම නෞකාව පැමිණ ඇති බවත්, කැප්ටන් අලි නෞකාවේ භාණ්ඩ මෙහි පවතින්නේ ද යන්න පිළිබඳව සනාථ කළ නොහැකි බවත් රතු කුරුසය අනාවරණය කළේය.

