ලොව සියලු රටවල් මෙරට ආයෝජනය කිරීම සඳහා කැමැත්තෙන් පසුවන බව තොරතුරු හා ජනමාධ්‍ය සහ ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.මේ අනුව ඉදිරියේදී මීරිගම ප්‍රදේශයේ නව ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඇති කිරීමට නියමිතය. මීට අමතරව චීන ආයෝජකයන් 29 දෙනෙකු ඉදිරියේදී මෙරටට පැමිණීමට අපේක්ෂා කරන අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගියදා නිරතවූ සිංගප්පූරු සංචාරයේදී සිංගප්පූරු හා තායිලන්ත අයෝජකයන් පිරිසක් ද හමුවූ බවත්, ඔවුන් ද මෙරට ආයෝජන සිදුකිරීමට කැමැත්ත පළ කළ බවත් එම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසීය.

