Thursday, July 2, 2009

‘කාර්යාල සේවය පිණිසයි’ බස් සේවාව අද සිට

‘කාර්යාල සේවය පිණිසයි’ යනුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා නව ප්‍රවාහන සේවයක් අද (01) ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 4.00ට ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය සරත් අමුණුගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම ‍අවස්තාවට සහභාගි වීමට නියමිතය. මෙම බස් සේවාව කොළඹ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් හා මාළිගාවත්ත මහලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන්ගේ ඉල්ලීම පරිදි ආරම්භ කෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව නිට්ටඹුව, පානදුර, පාදුක්ක, මීගමුව, ලබුගම සහ තරාල යන ‍ප්‍රදේශ දක්වා ‍බස් සේවාවන් ක්‍රියාත්මක‍ වේ. වරකාපොළ, අලුත්ගම, මහරගම, මීගමුව, අංගොඩ සහ කිරිඳිවැල යන ඩිපෝවල බස් මේ සඳහා යොදා ඇත.
මෙම බස් පෙරවරු 8.20ට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත පැමිණෙන අතර 8.25ට මාළිගාවත්ත මහලේකම් කාර්යාලය වෙත ළඟා‍වේ.

පස්වරු 4.20 වන විට තරාල බස් සේවාව හැර අනෙකුත් බස් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පිට‍ත් වන මාළිගාවත්ත මහලේකම් කාර්යාලයෙන් 4.25ට පිටත් වේ.

තරාල බස් සේවාව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පස්වරු 4.30ට පිටත් වන අතර මාළිගාවත්ත මහලේකම් කාර්යාලයෙන් 4.35ට පිටත් වේ.