මෙම වසරේ ජනවාරී 01වනදා සිට ඊයේ (08) වන විට ඩෙංගු රෝගීන් 15,529ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන එක්කය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.ඩෙංගු මරණ 168ක් වාර්තා වී තිබෙන අතර කොළඹ, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල මේ වන විට ඩෙංගු උවදුර පවතින බවට වාර්තා වී තිබේ. ඩෙංගු මදුරු මර්දනය බැක්ටේරියා (BTI) ගෙන්වීම සිදු කර තිබෙන අතර එය ඩෙංගු මදුරුවන් බහුල ජලාශ වැනි ප්‍රදේශ සඳහා යෙදීමට කටයුතු යොදා තිබෙන බව එම ඒකකය පෙන්වා දෙයි. ගිය සතියට වඩා මේ සතිය වන විට මෙම උවදුර අඩු බවට ද වාර්තා වේ. එසේ වුවත් පරිසරය පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු මර්දනය කිරිමේ වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක විය යුතු බව ද එම ඒකකය වැඩිදුරටත් පවසයි.

