Tuesday, June 2, 2009

උතුරු වසන්තයට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකක්


උතුරේ තරුණ තරුණියන් සඳහා නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි. ‘උතුරු වසන්තය’ වැඩසටහනට සමගාමීව වව්නි‍යාවේ සුබසාධන කඳවුරු ආශ්‍රිතව මෙම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිතය.මේ යටතේ විදුලි කාර්මික, දැව තාක්ෂණය, පෙදරේරු තාක්ෂණය, ජල නල තාක්ෂණය, පෑස්සුම් පුහුණු පාඨමාලා, මෝටර් කාර්මික, මහන මැෂින් අලුත් වැඩියාව, කාන්තා හා ළමා ඇඳුම් මැසීම, පිරිමි ඇඳුම් මැසීම සහ තොරතුරු තාක්ෂණය යනාදී පාඨමාලා කිහිපයක් ආරම්භ කිරීමට නියමිතය.