Saturday, June 27, 2009
ජැක්සන්ගේ මරණය සැක සහිතයි
සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍යවරයා ප්‍රශ්න කිරීම් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, ජැක්සන් හට හෘදයාබාධය වැළඳීමට ප්‍රථම ඔහුගේ වෛද්‍යවරයා වූ වෛද්‍ය කොන්රාඩ් මුරේ විසින් ඔහුට වේදනා නාශක ඖෂධ ලබා දී ඇති බවයි. ජැක්සන් මිය යන දිනයේදීත් එම වෛද්‍යවරයා ඔහු සමඟ ජැක්සන්ගේ නිවසේ රැඳී සිටි අතර ජැක්සන් මිය යාමට ප්‍රථමයෙන් ඔහු අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය හෙළි කරයි. මේ අතර ජැක්සන් වාසය කළ නිවස පොලීසිය විසින් පූර්ණ සෝදිසි මෙහෙයුමකට ලක් කර ඇත. ජැක්සන් මිය යෑමට ආසන්න කාලය තුළ හෘදයේ රෝගී තත්ත්වයක් තිබී ඇති අතර සම පිළිකාවකින් ද පෙළී සිටි ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු කර ඇති බව ද එම මඅධ්‍ය වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත් මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් සැක මතුව ඇති බැවින් ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට තව දුරටත් ප්‍රමාද වන බව හදිසි මරණ පරීක්ෂකවරයා පවසා තිබේ.

