පාතාලයේ මිනී මැරුම්, මංකොල්ල කෑම්, කප්පම් ගැනීම් හා කුඩු ජාවාරම් වලට සම්බන්ධව බවට සැක කරන පුද්ගලයින් 04 දෙනෙකු පසුගිය දින කීපය තුළ වෙඩි තබා සහ කපා කොටා ඝාතනය කර තිබේ.මහින්ද ගොඩගේ නොහොත් ‘බඩා මහින්ද, රත්මලානේ උස කුමාර ඞී.එ.ධම්මික නොහොත් ‘කුඩු මංජු’ සහ රත්මලානේ ප‍්‍රදේශයේදී තවත් පුද්ගලයකු මෙසේ මරා දමා තිබුණි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්‍ෂක අංශයේ සේවය කළ බැද්දගානේ සංජීව ඝාතනය ඇතුළු ඝාතන 12 ක ප‍්‍රධාන සැකකරුවෙකු වූ ‘බඩා මහින්ද’ පසුගිය (16) වෙනිදා පාන්දර ජයවර්ධනපුර රෝහල ප‍්‍රදේශයේ පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිසිය පැවසීය.කළු පැහැති හයිහුන්ඩා මෝටර් රථයකින් බඩා මහින්ද සහ ඔහුගේ ගෝලයින් පොලිස් අණ නොතකා පැන යද්දී පොලිසිය වෙඩි තැබූ බවත් එහිදී ඔහුගේ රියදුරු ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගිය බවත් පොලිසිය පැවසීය.
මංකොල්ල කෑම් හා කප්පම් ගැනීම් රැුසකට චෝදනා ලැබ සිටි රත්මලානේ උස කුමාර නමැත්තා ඔහුගේ රත්මලාන නිවසේදී පසුගියදා ගල්කිස්ස පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පසුව ඔහු ආයුධ පෙන්වන්නට ගිය අවස්ථාවේ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිසිය පවසා තිබිණි. මත් කුඩු ජාවාරම් කරුවෙකු යැයි චෝදනා ලැබ සිටි ඞී.ධම්මික නොහොත් ‘කුඩු මංජු’ නමැත්තාට ත‍්‍රිරෝද රථයකින් පැමිණි බව කියන පිරිසක් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතන කර තලංගම දේවාල පාරේ දමා ගොස් තිබියදී පොලිසිය පසුගිය (209 රාත‍්‍රියේ සොයා ගෙන තිබේ.
හෝකන්දර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ‘කුඩු මංජු’ තවත් පාතාල කල්ලියක් විසින් ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය පැවසීය.
මේ අතර අවුරුදු 20 ක් වයසැති මුස්ලිම් ජාතික තරුණයකු පිස්තෝලයක් හා ජීව පතරොම් තොගයක් සමග අද(23) පෙරවරුවේ මාලිගාවත්ත ප‍්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු දුන් තොරතුරු මත පොලීසි කිහිපයක සහභාගිත්වයෙන් මේ වන විට එම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුමත් කරගෙන යයි. එහාදී අත් අඩංගුවට පත් පුද්ගලයින් පවසා තිබෙන්නේ ආයුධ සන්නද්ධ කීප දෙනෙකුම එම ප‍්‍රදේශයේ සිටින බවයි. ආණ්ඩුව උතුරේ යුද්ධය අවසන් කිරීමෙන් පසු මත් කුඩු නිත්‍යානුකූල නොවන මත්පැන් සහ පාතාලය මර්දනය කරන බවට මේ රටේ ජනතාවට පසුගියදා පොරොන්දු විය.

