මෙරට ගෑස් මිල තීරණය කිරීමට රජය මැදිහත්වීමට එරෙහිව නෙදර්ලන්තයේ තානාපතිවරයා ඇමති බන්දුල ගුණවර්ධන හමුවේ කරුණු දක්වා ඇතැයි ඇමති බන්දුල කියයි.
ෂෙල් ගෑස් සමාගමේ පාලන බලය නෙදර්ලන්ත සමාගමකට අයත් නිසා තමා මෙසේ ඒ පිළිබඳව කරුණු දැක්විමට පැමිණි බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරයා සඳහන් කළබව, ඇමතිවරයා පවසයි.
මෙරට ගෑස් වෙළඳපොළේ මිල තීරණය කිරීමට රජය මැදිහත්වීම සම්බන්ධව ෂෙල් ගෑස් සමාගම අසතුටෙන් සිටින බවත් එය නිරාකරණය කිරීමට කටයුතු කරන ලෙසටත් නෙදර්ලන්ත තානාපතිවරයා තමාගෙන් ඉල්ලා සිටි බව, අමාත්‍යවරයා කීය.
මෙරට ගෑස්මිල තීරණය කිරීමට රජය මැදිහත්වීම සම්බන්ධව විරෝධතා ඇත්නම් එය අධිකරණයට ඉදිරිපත් කළ හැකිබව තමා නෙදර්ලන්ත තානාපතිවරයාට දැනුම් දුන් බවත් මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කැමති බව, නෙදර්ලන්ත තානාපතිවරයා පැවසූ බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

