ශ්‍රී ලංකාව පිළිබඳව අනෙකුත් රටවල් තුළ නිර්මාණය වී ඇති වැරදි ආකල්ප වෙනස් විය යුතු බව ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා පවසයි.ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, යසුෂි අකාශි මහතා අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළ බවය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජපන් රජයේ සහයෝගය අඛණ්ඩව ශ්‍රී ලංකාවට හිමි වන බව ද අකාශි මහතා මෙහිදි ප්‍රකාශ කර තිබේ.
අවතැන් වූ ජනතාවගේ ශුභසාධනය වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් පිළිබඳව අකාශි මහතා සිය ප්‍රසාදය පළ කළ බව ද එම නිවේදනයේ සඳහන්ය.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, උතුරු ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම පිළිබඳව මෙම හමුවේදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් වූ බවය.

