විවිධ හේතු දක්වමින් විදෙස් රටවල රැකවරණ පතන ශ්‍රී ලාංකිකයින්ට මින් ඉදිරියට එළෙස රැකවරණ නොදෙන ලෙස රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි.විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පැවසුවේ මේ පිළිබඳව, දැනට ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් ගොස් සිටින රටවල විදේශ අමාත්‍යාංශ දැනුවත් කර ඇති බව ය.
මීට අමතරව මෙරට පිහිටි අදාළ රටවල තානාපති කාර්යාලවල නිලධාරීන් දැනුවත් කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.
මෙරට වාසය කිරීමට නොහැකි බව දක්වා ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මේවන විට යුරෝපා රටවල් සහ කැනඩාව, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාවට ගොස් සිටිති.
බෝගොල්ලාගම මහතා පැවසුවේ එම පිරිස් යළි මෙරටට එවීම සඳහා පියවර ගන්නා ලෙස අදාළ රටවල විදේශ අමාත්‍යාංශවලින් ඉල්ලා ඇති බව ය.
එය සම්බන්ධීකරණයට විදෙස් රටවල ඇති මෙරට තානාපති කාර්යාලවල නිලධාරීන් දැනුවත් කර තිබේ.
අමාත්‍යවරයා අවධාරණය කළේ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුටනිදහසේ වාසය කිරීමේ තත්ත්වයක් ඇති බවය.

