Wednesday, June 3, 2009

ලොව මවිතකළ හමුදාවක් අපට සිටිනවා.


රණකාමීත්වය විනය කාර්යශූර බව හා නිර්භීතකමින් ලොව මවිත කළ ති‍්‍රවිධ හමුදාවක් ශ්‍රී ලංකාවට සිටින බවත් එක්සේසත් කළ මව්බිමේ ජාතික ධජය එසවීම ගෞරවයක් හා අභිමානයක් බවත් මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයා ගාලූමුවදොරදී ජාතික අමතමින් කීය. ජනපති දෙමළ බසින්ද කතා කළේය. ජාතික ධජ හා හමුදා ධජ ප‍්‍රතාපවත් ලෙස ලෙළදෙද්දී හමුදා ඇදුම් හා ආයිත්තම් උදාහිරු කිරණින් දිලිසෙද්දී මහා වංශයේ නව පිටුවක් එසේ පෙරැුලී ගියේය.