Friday, June 26, 2009
කර්මාන්තශාලා 137කින් රැකියා 20,000ක් ලබාදී අවසන්- අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්තශාලා 137ක් විවෘත කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු සභාගත කරමින් අමාත්‍යවරයා එසේ පැවසීය.මහින්ද චින්තනය මැතිවරණ ප්‍රකාශනයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම කර්මාන්තශාලාවක් විවෘත කර රැකියා 500ක් ලබාදීමට කටයුතු කරන බව පවසා ඇත.ඒ අනුව මේ වන විට ආරම්භ කර ඇති කර්මාන්තශාලා 137 මගින් රැකියා අවස්ථා 19,595ක් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

