එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මියගේ අගතිගාමී හඬ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිනොගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්, ඊශ්‍රායලය කිසිම යෝජනාවක් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිම අවස්ථාවක ඉදිරිපත් කර නැතැයි ද විදේශ අමාත්‍යවරයා පැවසීය.එසේම බැන් කී මූන් එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා සහ ජනාධිපතිතුමා අතර කිසිම රහස් ගිවිසුමක් නොමැති බව ද ප්‍රකාශ කළ යුතුය. පසුගිය 23 වනදා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර එහි කිසිම ගිවිසුමක් ගැන සඳහන් නොවේ. මේ වන විට ශ්‍රී ලංකාව ඉතිහාසයේ ප්‍රථම වරට ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කළ රට බවට පත්ව එහි ගෞරවය ලබා තිබේ. එමනිසා ජනාධිපතිතුමා න්‍යායපත්‍ර යෝජනාවක් ඉදිරියට ගෙනයාමට කටයුතු කරයි. උතුරේ අවතැන්ව සිටින ජනතාවගේ සියලු අවශ්‍යතා සපුරමින් ස්ථිර නිවාස ගොඩනැගීමටත් කටයුතු සිදුකෙරේ. එයයි අප ජාත්‍යන්තරයට රැගෙන යන්නේ. එදා සුනාමියේදීත් අවතැන්වූ පිරිස් අප නැවත පදිංචි කළා. එසේම 2007 – 2008 කාලයේ නැගෙනහිර අවතැන්වූවන් ද අපි සාර්ථකව නැවත පදිංචි කළා. ඒ අනුව අප උතුරේ ජනතාව ද නැවත පදිංචි කිරීමට කටයුතු කරන බව බෝගොල්ලාගම මහතා පැවසීය.සිංගප්පූරුවේ ‘ෂන් ග්‍රි ලා’ සමුළුව පැවැත්වෙද්දී එයට සහභාගි වූ රටවල් අප ත්‍රස්තවාදය පරදවා ලද ජයග්‍රහණය පිළිබඳව දැඩි ප්‍රසාදය පළ කළා.උතුරේ අවතැන් ජනතාව රැකබලා ගැනීමට ආරක්ෂක අංශ සහ මෙරට ජනතාව දක්වන සහයෝගය කැපීපෙනෙන කරුණක්.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමියගේ අගතිගාමී හඬ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිනොගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය. බැන් කී මූන් මහතා පැමිණි අවස්ථාවේ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙනවා ජාත්‍යන්තර මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් මේ රජය කටයුතු කර ඇති බව. එල්ටීටීඊය උතුරේ ජනතාවට ලබානොදුන් ඡන්ද අයිතිය ලබාදීමට අපි කටයුතු කරනවා. ප්‍රංශයේ, එංගලන්තයේ හා කැනඩාවේ පන්සල්වලට එල්ටීටීඊ හිතවාදීන්ගේ ප්‍රහාර එල්ල වුණා. එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා කේ.පී.ව අන්තර්ජාතික පොලීසිය මගින් සොයමින් සිටී. අපි විදේශගත දෙමළ ප්‍රජාව සමඟ හොඳින් කටයුතු කරන්නෙමු. එමනිසා ඔවුන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අප ඉල්ලා ඇත. එයයි අපේ පිළිවෙත. මානව හිමිකම් රැකෙන අයුරින් මේ රටේ ජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ඇති කිරීමට අප කටයුතු කරන බව ද බෝගොල්ලාගම මහතා පැවසීය.

