Monday, June 1, 2009

රණවිරුවන්ට ජාතියේ උත්තමාචාර පිරිනැමීම ජූනි 03දා

ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදයෙන් මවුබිම බේරා දෙමින් ජාතික ධජයට නිදහසේ ලෙළදීමට ඉඩකඩ ලබාදුන් ආරක්ෂක අංශ විරුවන්ට ජාතියේ උත්තමාචාර පිරිනැමීමේ අභිමානවත් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ දී අනිද්දා (ජූනි 03) පැවැත්වේ.
මෙය ජාතික විජයග‍්‍රහණය සැමරීමේ හමුදා පෙළපාළිය ලෙස නම් කොට තිබේ.
යුද, නාවික, ගුවන්, පොලිස් හා සිවිල් ආරක්ෂක බළකායන් හි සූර, වීර විකුම් ජාතිය හමුවේ ප‍්‍රදර්ශනය කිරීමක් බඳු අභිමානවත් ආචාර පෙළපාළියකින් මේ අවස්ථාව, වර්ණවත් වන බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනාරාල් අනුෂ පැල්පිට මහතා ප‍්‍රකාශ කෙළේය. ජාතික නිදහස් දින උළෙලටත් වඩා වැඩි ති‍්‍රවිධ හමුදා, පොලිස් අංශ නිලධාරී පිරිසකගේ ආචාර පෙළපාළියකින් සහ දේශීය සංස්කෘතික අංග රැසකින් යුතු මේ උත්සවය, නැරැඹීමට මහජනතාවටද අවස්ථාව මෙවර ලබා දී ඇතැයි ද පැල්පිට මහතා කීය.
යුද හමුදා ආචාර පෙළපාළියට සමගාමීව නාවික හමුදාව මහ සයුරේ සිට සංදර්ශනයක්ද, ගුවන් හමුදාව ගුවනේ සිට සංදර්ශනයක්ද පවත්වති.