යුද හමුදාවේ 02 වන කාර්ය සාධක බළකාය විසින් මුලතිව් පුදුකුඩිඉරුප්පු බටහිර ප්‍රදේශයේදී ඊයේ ( 29 ) උදෑසන 10.50 ට පමණ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ක්ලේමෝ බෝම්බ හා තවත් අවි ආයුධ තොගයක් සොයා ගෙන තිබේ.
කිලෝ ග්‍රෑම් 30 ක් බරැති ක්ලේමෝ බෝම්බයක්, කිලෝ ග්‍රෑම් 20 ක් බරැති ක්ලේමෝ බෝම්බ 03ක්, කිලෝ ග්‍රෑම් 12.5 ක් බරැති ක්ලේමෝ බෝම්බ 06ක්, කිලෝ ග්‍රෑම් 7.5 ක් බරැති ක්ලේමෝ බෝම්බ 03ක්, කිලෝ ග්‍රෑම් 2.5 ක් බරැති ක්ලේමෝ බෝම්බයක්, දුරදක්නයක්, රාත්‍රී දර්ශක උපකරණයක්, ආර්.පී.ජී සයිට් 01ක්, දණ්ඩක් ආකාරයට සැකසූ බෝම්බ 02ක්, කොටි ත්‍රස්තවාදීන් විසින් නිෂ්පාදනය කරන ලද අත් බෝම්බ 05ක් හා යුද ටැංකි නාශක බෝම්බයක් මෙහිදී යුද හමුදාව සොයා ගැනීමට සමත්විය. එසේම එම ප්‍රදේශයේදීම කොටි ත්‍රස්තවාදීන් භාවිතා කළ රෝලර් ලැමිනේටින් යන්ත්‍රයක්, එච්.පී ප්‍රින්ටරයක්, මහන මැෂින් 19ක් හා යතුරු පැදියක් යුද හමුදාව සොයා ගෙන ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

