Tuesday, May 12, 2009
ආරක්‍ෂක අංශ විශේෂ ආරක්‍ෂිත කළාපයට ඇතුළු වෙති
මුලතිව් කාර්යාලමුල්ලවයික්කාල් ප්‍රදේශයෙන් 58වන සේනාංකයේ භට පිරිස් විශේෂ ආරක්‍ෂිත කළාපයට ඇතුළු වුණු බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි.අද(12) කොළඹ පැවති ආරක්‍ෂක තොරතුරු දැනුම් දීමේ මාධය හමුවට එක් වෙමින් හෙතෙම සඳහන් කළේ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් මුදා ගැනීමේ මොහයුම්ද ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම මෙහිදී 58වන සේනාංකය සහ කොටි ත්‍රස්තවාදීන් අතර ඇති වූ ගැටුම් වලින් පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ත්‍රස්ත මළ සිරුරු 25ක් ආරක්‍ෂක අංශ විසින් සොයාගෙන ඇත.මේ අතර 59 වන සේනාංකය මුලතිව් වඩිඩුවකාල් ප්‍රදේ්‍ශයෙන් කොටි පස්බැමිම බිදදමමින් ආරක්ෂක කළාපයට ආසන්න වෙමින් සිටින බව නානායක්කාර මහතා පැවසීය.

