එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශී‍්‍ර ලංකාව විසින් ගෙන එන ලද යෝජනාව ඡන්ද 29 ක් ලබාගෙන විශිෂ්ට ලෙස ඊයේ (මැයි 27) ජයග‍්‍රහණය කෙළේය.
ශී‍්‍ර ලංකාව විසින් ගෙන එන ලද යෝජනාවලියට පක්ෂව ඡන්ද 29ක් ද විපක්ෂව ඡන්ද 12ක් ද ලැබී ඇති අතර රටවල් 06 ක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී තිබේ.
කවුන්සිලයේ සියලු සාමාජික රටවල් ගණන 47 කි. සියලුම ඉස්ලාමීය රටවල්, අපි‍්‍රකානු රටවල් බහුතරයක්, නොබැඳි ජාතීන්ගේ රටවල්, ශී‍්‍ර ලංකාවේ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී තිබේ.
එහිදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාව කියුබාවේ දැඩි විරෝධය මත ප‍්‍රතික්ෂේප වී තිබේ. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 11 වැනි විශේෂ සැසිවාරය සඳහා ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ නායකත්වයෙන් අමාත්‍යංශ ලේකම් ආචාර්ය රජීව විජේසිංහ, නීතිපති මොහාන් පීරිස්, ජිනීවාහි ශී‍්‍ර ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක යන මහත්වරු සහභාගි වූහ.
ජනාධිපති මහින්්ද රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදය අවසන් කරන්නටත්, රට එක්සේසත් කරන්නටත්, විශාල වශයෙන් සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කරමින් ගෙන යන වැඩපිළිවෙළ සහ ත‍්‍රස්තවාදයෙන් මුදාගත් ජනතාවට සහන සලසමින් රටට හොඳ අනාගතයක් උදා කිරීමට ගෙන යන වැඩපිළිවෙළ අනුමත කරමින් ජාත්‍යන්තරයේ පැහැදිළි බහුතරයක් ශී‍්‍ර ලංකාවට පක්ෂව ඡන්දය ලබා දුන් බව ද ජිනීවා නුවර සිට මෙම ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ ඇමැති මහින්්ද සමරසිංහ මහතා කීය.

