Friday, May 29, 2009
කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය රජය හෙළා දකී
කොළඹ පිහිටි කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය රජය තරයේ හෙළා දකී. ඊයේ මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතා ව්‍යාපාරයක නිරත වූ පිරිසක් විසින් මෙම ප්‍රහාරය සිදු කර තිබේ. නීතිවිරෝධී සහ අඥාන අයුරින් සිදුකරන ලද මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව දැඩිව හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි. විදෙස් රටවල තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව තානාපති සේවයේ යෙදෙන්නන්ට අමතර ආරක්ෂාවක් ලබාදීමට රජය පියවර ගත් අතර එවැනි අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

