එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සහ ඔහුගේ පුතා වන චාල්ස් ඇන්තනිගේ හඳුනාගත් සිරුරුවල ඩී.එන්.ඒ. සමාන බව පරික්ෂණවලදී හෙළි වී තිබේ.
ආරක්ෂක අංශ සඳහන් කළේ, එම සිරුරුවල කොටස් කොළඹට ගෙනැවිත් සිදු කරන ලද වෛද්‍ය පරික්ෂණවලදී ඒ බව හෙළි වී ඇති බවය.
එම ඩී.එන්.ඒ. පරික්ෂණ තහවුරු කළ බවට වූ වාර්තාව අද ආරක්ෂක අංශ වෙත ලැබී තිබේ.

