ඇමරිකාව හා බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාවේ මානුෂීය වාතාවරණය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරු ව ඊයේ (13 දින ) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එල්.ටී.ටී.ඊ. ය ආයුධ බිම දැමිය යුතු බවත්, සිවිල් ජනතාවට ගැටුම් පවතින ප්‍රදේශවලින් ඉවත් වීමට ඉඩ දිය යුතු බවත් ප්‍රකාශකර සිටී.
ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් වොෂින්ටන්හිදී හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරු ව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරිණි.මෑතකදී ප්‍රකාශිත නව ආරක්ෂිත කලාපය තුළ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවත්, ඉතා ඉක්මනින් ම ආරක්ෂා සහිත ව ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටින දහස් ගණනක් වූ සිවිල් වැසියන්ව මුදා ගත යුතු බවත්, මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

