
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි සැපයුම්කරු වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය කටයුතු කරමින් සිටී. මේ වන විටත් ඔහු සැඟවී ඇති බවට සැක කෙරෙන තායිලන්තය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ තවත් රටවල් කිහිපයක ඔහු සොයා පරීක්ෂණ සිදුකෙරේ. ශ්‍රී ලංකා සහ ඉන්දියානු රජයන් විසින් කරන ලද ඉල්ලීම්වලින් අනතුරුව ඔහු සෙවීමේ කටයුතු කඩිනම් කිරීමට ජාත්‍යන්තර පොලීසිය පියවර ගෙන ඇත.

