ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාතෘ භූමියේ ඉහළ ම ගෞරව සම්මානය වන ‘විශ්ව කීර්ති ශ්‍රී ත්‍රිසිංහලාදීශ්වර’ යන ගෞරව සම්මානයෙන් අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ, මඟුල් මඩුවේදී පිදුම් ලැබීය.මල්වතු සහ අස්ගිරි උභය පාර්ශව මහානායක හිමිවරු මේ ගෞරව සම්මානය ජනාධිපති තුමන් වෙත පිළිගැන්වූහ.එම අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ දෙකඩ වීමට ගොස් එක්සත් කළ රට යළිත් දෙකඩ නොවන පරිදි ගොඩනඟන බවට ඓතිහාසික දළදා සමිදුන් මෙන් ම ගරුතර මහා සංඝරත්නය ඉදිරියේ දිවුරා පොරොන්දු වන බවයි. ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයාටත්, ආරක්ෂක ප්‍රධානීන්ටත් පොලිස්පතිවරයාටත් සියලු ම රණවිරුවන්ටත් රට එක්සේසත් කිරීමට දැක් වූ දායකත්වයට සිය කෘතඥතාව පිරිනැමුවේය.අමාත්‍යවරයෙකු ව සිටියදී මහානායක හිමියන් එදා තමාට ‘ශ්‍රී රෝහණ ජනරංජන’ ගෞරවනාමය පුදකරමින් අපේක්ෂා කළේ ද රට එක්සේසත් කිරීම බවත් අද උන්වහන්සේ ජීවතුන් අතර සිටියා නම් වඩාත් සතුටු වන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කෙළේ ය.එමෙන් ම වසර තිහක් පමණ ත‍්‍රස්තවාදයත් සමඟ ගත කළ බැවින් ශාසනය වෙනුවෙන් ඉටු කළ යුතු බොහෝ යුතුකම් අපගෙන් මඟ හැරී ගිය බවද මෙහිදි සඳහන් කළ ජනාධිපතිතුමා එම යුතුකම් සියල්ල ඉටු කරමින් දැහැමි සමාජයක් ගොඩනැඟීම රජයේ පරම වගකීම සේ සළකා කැප වී ඉටුකරන බවද සඳහන් කළේය. එමෙන් ම මහා සංඝරත්නය තමා වෙත පුද කරන ලද විශ්ව කීර්ති ශී‍්‍ර ති‍්‍රසිංහලාදීශ්වර සම්මානය පිළිගන්නවා සේ ම නිරන්තරයෙන් තමා ඇතුළු රජය වෙත ලබා දුන් අපරිමිත ධෛර්ය උදෙසා ද මහා සංඝරත්නයේ දෙපා නමැද ආචාරය පුද කරන බව ජනාධිපතිතුමා මෙහිදි සඳහන් කළේය. ආරක්ෂක ලේකම්තුමා, මාණ්ඩලික ප‍්‍රධානීතුමා, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා සහ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත ද මෙහිදි මල්වතු අස්ගිරි නා හිමිවරුන් අතින් ගෞරව සම්මාන පුද කෙරිණි.ඓතිහාසික දළදා මාළිගාවේ දියඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා අතින් විශේෂ සමරු තිළිණ ද මෙහිදි ජනාධිපතිතුමා ඇතුළු පිරිස වෙත ප‍්‍රදානය කෙරිණි.

