ශ්‍රී ලාංකිකයින් තුළ සැඟව තිබූ උපන් දේශය පිළිබඳ සැබෑ ගුණාංග ඉස්මතු කර ගත හොත් ජාතියක් වශයෙන් සමස්ත ලෝකය ම ඉදිරියේ අභිමානවත්ව නැගී සිටිය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේදී පැවති රණවිරු ප්‍රණාම ජාතික රැළිය අමතමිනි.
1956 වසරේ ගොඩ නැගූ පංච මහා බලවේගයට රණවිරු බලවේගය වශයෙන් නව බලවේගයක් එක් වන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රණවිරුවන් ජාතික ධජයට දුන් අභිමානය සැමරීමේදී සංයමයකින් යුතුව ක්‍රියා කරන ලෙසය.
කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා සමග විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයෝ මෙම රැළිය අමතමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට බේරාගත් සේනාධිනායක ජනාධිපතිවරයා සහ සියලු ම රණවිරුන්ට සිය උපහාර පුද කළහ.

