ත්‍රස්තවාදය පරාජය කිරීම හේතුවෙන් ජාතියේ ප්‍රීතිය උතුරා ගළා යාම කිසිවෙකුගේ සිත් රිදවීමට හේතු නොවන බවට වග බලා ගැනීම මව් බිමට පුදන ශ්‍රේෂ්ඨතම උපහාරය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම විජයග්‍රහණයේදී සියලු දෙනා ශක්තිමත්ව එක්සිත්ව සිටිය යුතු බව ජනාධිපතිවරයා පවසන බවය.
දශක 3කට වැඩි කාලයක් ත්‍රස්තවාදයෙන් බැට කා තැලුණු ජාතියක් සැබවින් ම එය පරාජය කිරීමෙන් දිවයින පුරා උත්සව පැවැත්වීම නිරායාසයෙන් සිදු වන්නක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

