ආරක්ෂක හමුදා සහ කොටි ත්‍රස්තවාදීන් අතර ඇති වූ ගැටුමේදී මියගිය එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ පුත් මෙන්ම කොටි ගුවන් අංශයේ නායකව සිටි චාල්ස් ඇන්තනි සහ තවත් නායකයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට යුද හමුදාව සමත් වී ඇත. එල්ටීටීඊ පොලිස්පතිව සිටි තමිල් චෙල්වම්ගේ මරණින් පසු දේශපාලන අංශ නායක බවට පත් වූ නඩේසන්ගේ ද මළ සිරුර ද ඒ අතර වේ.එසේම කොටි ජ්‍යෙෂ්ඨ නායකයන් දෙදෙනෙකු වන පුලිදේවන් හා රමේෂ්ගේ මළ සිරුරු ද මේ වන විට සොයාගෙන ඇති අතර ආරක්ෂක හමුදා තවදුරටත් ත්‍රස්තවාදී නායකයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අංශ පවසයි.

