Saturday, May 16, 2009
ශ්‍රී ලංකාවට එරෙහි යුරෝපා උත්සහය හකුලා දමයි
යුරෝපීය රටවල් කිහිපයක් එක් වී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහිදී මානව හිමිකම් කවුන්සලයේ විශේෂ සැසිවාරයක් කැඳවීමට ගත් උත්සහයක් හකුළා ගැනීමට එම රටවලට සිදුව ඇත. මානව හිමිකම් කවුන්සලයට අයත් රටවල් 47 න්, ඒ සඳහා අත්සන් 16 ක් ලබාගැනීමට මෙය සංවිධානය කළ රටවලට නොහැකිවීම ඊට හේතුවයි.ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව හා මැද පෙරදිග රටවල් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙන අතර නැගෙනහිර යුරෝපීය රටවල් කිහිපයක්ද ඊට සහය දක්වා ඇත. බ්‍රිතාන්‍ය, ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය ඇතුළු රටවල් 12 ක් පමණ මෙම අසාර්ථක උත්සහයේ නිරත වූ බව පැවසේ. කොටි ත්‍රස්තවාදය අවසන් කෙරෙමින් පවතින මේ මොහොතේ යුරෝපීය රටවල් ගන්නා මෙම උත්සහය පිළිබඳව ජගත් මානව හිමිකම් කවුන්සලයේ රටවල් රැසක සැකයට හා දෝෂදර්ශනයට ලක්ව ඇති බව ආපදා කලමනාකරණ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය රජීව් විජේසිංහ මහතා පැවසීය.

