ත්‍රස්තවාදය මැඩලීමට ශ්‍රී ලංකා රජයට ඇති නීත්‍යනුකූල අයිතියට ගරු කරන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.ආරක්ෂක මණ්ඩලයේ වත්මන් සභාපති සහ රුසියානු තානාපති විටර්ලි චර්කින් මහතා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ පැවති ප්‍රථම නිල සාකච්ඡාවෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කළ බවය.
උතුරේ පවතින ගැටුම්වලින් සිවිල් වැසියන් මිය යාම පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
ආරක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකා රජයෙන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ, ගැටුම්වලට මැදිව සිටින සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

