නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට යළි එල්.ටි.ටී.ඊ හිතවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල විය.
විදේශ කටයුතු අමාතශාංශය ප්‍රකාශ කළ පරිදි ඊයේ රාත්‍රි තානාපති කාර්යාලයට අදාළ පිරිස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එහිදී තානාපති කාර්යාලයේ ගින්නක් ද හටගෙන ඇති අතර එය කඩිනමින් නිවා දැමීමට නෙදර්ලන්ත පොලිසිය පියවර ගත්තේය.
මෙය දින 4 ක් ඇතුළත නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට එල්.ටි.ටි.ඊ හිතවාදීන්ගෙන් එල්ල වු දෙවන ප්‍රහාරය වේ.
එහිදී තානාපති කාර්යාලයේ දෙපලවලට ද හානි සිදුවිණ.
මීට පෙර එල්ල වු ප්‍රහාරයෙන් ද තානාපති කාර්යාලයට අලාභහානි සිදුවු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

