මුලතිව් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේදී යුද හමුදාවේ දෙවන කාර්ය සාධක බළකාය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් භූමිතෙල් ලීටර් 13,440ක් සොයා ගැනීමට සමත්ව ඇත.
ලීටර් 210 බැගින් අඩංගු වූ බැරල් 64ක් යුද හමුදාව විසින් මෙසේ සොයා ගෙන ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
එසේම පුදුකුඩිඉරුප්පු බටහිර ප්‍රදේශයේදී යුද හමුදාවේ 57 වන සේනාංකයේ සෙබළුන් කොටි ත්‍රස්තවාදීන්ගේ යුද උපකරණ රැසක් සොයාගෙන ඇත.

