යුද හමුදාවේ 05 වන කාර්ය සාධක බළකාය විසින් මුලතිව් මල්ලාවි ප්‍රදේශයේ ඊයේ ( 22 ) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකින් ටී.56 පතොරම් 3,878 ක් හා එම්.පී.එම්.ජී පතොරම් 200ක් සොයා ගැනීමට සමත්විය.එසේම යුද හමුදාවේ 53 වන සේනාංකය සෙබළුන් වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 02ක් ඇතුළු තවත් අවි ආයුධ සොයා ගෙන ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
ටී.56 ගිනි අවි 20ක්, ටී.81 ගිනි අවියක්, මි.මි 60 මෝටාර් අවියක්, මි.මි 40 ඒ.ජී.එල් 02ක්, ෂොට් ගන් 02ක්, එම්.පී.එම්.ජී 01ක්, එම්.16 01ක්, එෆ්.එන්.සී අවි 04ක්, රේඩාර් ස්කෑන්ස් 04ක් හා රේඩාර් මොනිටර් 04ක් ද මෙහිදී හමුදාව සොයා ගෙන ඇත.

