
මුලතිව් කුඩා බිම් කඩකට සීමා වී ඇති එල්.ටී.ටී.ඊ. බලය සම්පූර්ණයෙන් මැඬපවත්වා ත්‍රස්තවාදී ග්‍රහණයෙන් දෙමළ ජනතාව මුදාගැනීමට ඉදිරි පැය 48ක් තුළ වීරෝදාර රණ විරුවන් සමත් වෙතැයි අප දැඩි සේ විශ්වාස කරන බව ඊයේ (14) ජෝර්දානයේදී ශ්‍රී ලංකා ප්‍රජාව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කෙළේ ය.

