Saturday, May 30, 2009

ක්ලේමෝ බෝම්බ තොගයක් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයෙන් හමුවේ

යුද හමුදාවේ 02 වන කාර්ය සාධක බළකාය විසින් මුලතිව් පුදුකුඩිඉරුප්පු බටහිර ප්‍රදේශයේදී ඊයේ ( 29 ) උදෑසන 10.50 ට පමණ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ක්ලේමෝ බෝම්බ හා තවත් අවි ආයුධ තොගයක් සොයා ගෙන තිබේ.
කිලෝ ග්‍රෑම් 30 ක් බරැති ක්ලේමෝ බෝම්බයක්, කිලෝ ග්‍රෑම් 20 ක් බරැති ක්ලේමෝ බෝම්බ 03ක්, කිලෝ ග්‍රෑම් 12.5 ක් බරැති ක්ලේමෝ බෝම්බ 06ක්, කිලෝ ග්‍රෑම් 7.5 ක් බරැති ක්ලේමෝ බෝම්බ 03ක්, කිලෝ ග්‍රෑම් 2.5 ක් බරැති ක්ලේමෝ බෝම්බයක්, දුරදක්නයක්, රාත්‍රී දර්ශක උපකරණයක්, ආර්.පී.ජී සයිට් 01ක්, දණ්ඩක් ආකාරයට සැකසූ බෝම්බ 02ක්, කොටි ත්‍රස්තවාදීන් විසින් නිෂ්පාදනය කර‍න ලද අත් බෝම්බ 05ක් හා යුද ටැංකි නාශක බෝම්බයක් මෙහිදී යුද හමුදාව සොයා ගැනීමට සමත්විය. එසේම එම ප්‍රදේශයේදීම කොටි ත්‍රස්තවාදීන් භාවිතා කළ රෝලර් ලැමිනේටින් යන්ත්‍රයක්, එච්.පී ප්‍රින්ටරයක්, මහන මැෂින් 19ක් හා යතුරු පැදියක් යුද හමුදාව සොයා ගෙන ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

ඉන්දියාවට එරෙහිව ලංකා භූමිය භාවිතයට ඉඩ නොදෙමි - ජනපති

ඉන්දියාවට එරෙහිව කිසිවෙකුටත් ශ්‍රී ලංකා භුමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඉන්දීය එන්.ඩී.ටී.වී. රූපවාහිනී නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
තවදුරටත් මෙරට සුළු ජාතියක් නොමැති බව තමා ප්‍රකාශ කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
දැන් සිටින්නේ, රටට ආදරය කරන පිරිස සහ රටට ආදරය නොකරන පිරිස යනුවෙන් පිරිස් දෙකක් පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ.යට එරෙහි අවසන් යුද්ධයේදී ඉන්දීය බලපෑමක් තිබුණේ දැයි මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් විමසනු ලැබීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසුවේ, ඉන්දියාව කිසිදු බලපෑමක් කළ බව තමා නොසිතන බවය.

Friday, May 29, 2009

කැනේඩියානු මහ‍ කොමසාරිස් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය රජය හෙළා දකී

කොළඹ පිහිටි කැනේඩියානු මහ‍ කොමසාරිස් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය රජය තරයේ හෙළා දකී. ඊයේ මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතා ව්‍යාපාරයක නිරත වූ පිරිසක් විසින් මෙම ප්‍රහාරය සිදු කර තිබේ. නීතිවිරෝධී සහ අඥාන අයුරින් සිදුකරන ලද මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව දැඩිව හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි. විදෙස් රටවල තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව තානාපති සේවයේ යෙදෙන්නන්ට අමතර ආරක්ෂාවක් ලබාදීමට රජය පියවර ගත් අතර එවැනි අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මානව හිමිකම් පිළිබඳ ශී‍්‍ර ලංකා යෝජනාව සම්මතයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශී‍්‍ර ලංකාව විසින් ගෙන එන ලද යෝජනාව ඡන්ද 29 ක් ලබාගෙන විශිෂ්ට ලෙස ඊයේ (මැයි 27) ජයග‍්‍රහණය කෙළේය.
ශී‍්‍ර ලංකාව විසින් ගෙන එන ලද යෝජනාවලියට පක්ෂව ඡන්ද 29ක් ද විපක්ෂව ඡන්ද 12ක් ද ලැබී ඇති අතර රටවල් 06 ක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී තිබේ.
කවුන්සිලයේ සියලු සාමාජික රටවල් ගණන 47 කි. සියලුම ඉස්ලාමීය රටවල්, අපි‍්‍රකානු රටවල් බහුතරයක්, නොබැඳි ජාතීන්ගේ රටවල්, ශී‍්‍ර ලංකාවේ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී තිබේ.
එහිදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාව කියුබාවේ දැඩි විරෝධය මත ප‍්‍රතික්ෂේප වී තිබේ. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 11 වැනි විශේෂ සැසිවාරය සඳහා ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ නායකත්වයෙන් අමාත්‍යංශ ලේකම් ආචාර්ය රජීව විජේසිංහ, නීතිපති මොහාන් පීරිස්, ජිනීවාහි ශී‍්‍ර ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක යන මහත්වරු සහභාගි වූහ.
ජනාධිපති මහින්්ද රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදය අවසන් කරන්නටත්, රට එක්සේසත් කරන්නටත්, විශාල වශයෙන් සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කරමින් ගෙන යන වැඩපිළිවෙළ සහ ත‍්‍රස්තවාදයෙන් මුදාගත් ජනතාවට සහන සලසමින් රටට හොඳ අනාගතයක් උදා කිරීමට ගෙන යන වැඩපිළිවෙළ අනුමත කරමින් ජාත්‍යන්තරයේ පැහැදිළි බහුතරයක් ශී‍්‍ර ලංකාවට පක්ෂව ඡන්දය ලබා දුන් බව ද ජිනීවා නුවර සිට මෙම ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ ඇමැති මහින්්ද සමරසිංහ මහතා කීය.

ප්‍රභාකරන්ගේ සහ පුතාගේ ඩී.එන්.ඒ. සමාන බව හෙළි වෙයි

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සහ ඔහුගේ පුතා වන චාල්ස් ඇන්තනිගේ හඳුනාගත් සිරුරුවල ඩී.එන්.ඒ. සමාන බව පරික්ෂණවලදී හෙළි වී තිබේ.
ආරක්ෂක අංශ සඳහන් කළේ, එම සිරුරුවල කොටස් කොළඹට ගෙනැවිත් සිදු කරන ලද වෛද්‍ය පරික්ෂණවලදී ඒ බව හෙළි වී ඇති බවය.
එම ඩී.එන්.ඒ. පරික්ෂණ තහවුරු කළ බවට වූ වාර්තාව අද ආරක්ෂක අංශ වෙත ලැබී තිබේ.

Wednesday, May 27, 2009

කේ.පී. අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය කටයුතු කරමින් සිටී



එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි සැපයුම්කරු වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය කටයුතු කරමින් සිටී. මේ වන විටත් ඔහු සැඟවී ඇති බවට සැක ‍කෙරෙන තායිලන්තය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ තවත් රටවල් කිහිපයක ඔහු සොයා පරීක්ෂණ සිදුකෙරේ. ශ්‍රී ලංකා සහ ඉන්දියානු රජයන් විසින් කරන ලද ඉල්ලීම්වලින් අනතුරුව ඔහු සෙවීමේ කටයුතු කඩිනම් කිරීමට ජාත්‍යන්තර පොලීසිය පියවර ‍ගෙන ඇත.

Tuesday, May 26, 2009

විජයග්‍රාහී මෙහෙයුමේදී ත්‍රස්තවාදීන් 22,000ක් මැරුම් කෑ බව යුද හමුදාපති කියයි


පසුගිය යුද මෙහෙයුම් වලදී කොටි ත්‍රස්තවාදීන් 22,000ක් ආරක්‍ෂක අංශ අතින් මියගිය බව යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. යුදහමුදාපතිවරයා මේ බව පැවසූවේ ස්වාධීන රූපවාහිනී සේවයේ ඊයේ(25) රාත්‍රියේ පැවැති “තුලාව” සංවාදයට එක්වෙමිනි.ත්‍රස්තවාදය පරාජය කරමින් නැවතත් ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ විජයග්‍රහණය ලබා ගැනීම සඳහා විශාල කැපකිරීමක් සිදු කරන්නට වූ බවද හෙතෙම කීය. එහිදී ත‍්‍රස්තවාදයට එරෙහි සටන්වලදී හමුදා භටයෝ 27,000ක් තුවාල වූ බවත් ඒ අතරින් 5,000ක් පූර්ණ ආබාධිත තත්ත්වය පත්වුණු බවද හමුදාපතිවරයා සඳහන් කළේය. කොටි ත්‍රස්තවාදීන් 9,000ක් මෙහෙයුම් පවතින සමයේ දී ආරක්‍ෂ අංශ වෙත භාර වී ඇති අතර තවත් 200කට ආසන්න ත්‍රස්තවාදීන් පිරිසක් සාමාන්‍ය වැසියන් රඳවා සිටින කඳවුරු භූමිවල සිටියදී අත්අඩංගුවටත් ගෙන තිබේ.

Monday, May 25, 2009

ජර්මණියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර ශ්‍රී ලාංකිකයින් වෙසක් සැමරුමත් සමග රණවිරුවන්ට තම ප්‍රණාමය පුදකරයි.


ජර්මනියේ ෆ්‍රැරන්ක්ෆර්ට් නුවර ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද වෙසක් උත්සවය සහ රණවිරුවන් වෙනුවෙන් තම ප්‍රණාමය පුද කිරීම පසුගිය 23 වන සෙනසුරාදා අති පූජ්‍ය අතිගරු ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඉතා උත්සවාකාරයෙන් පැවැත්විනි.මේ ඒ සදහා සහභාගීවූ පිරිසෙන් කොටසක්.

Sunday, May 24, 2009

"ත්‍රස්තවාදීන් රැකගන්න අතරමැදියන් දත කෑවා " - හමුදාපති

එල්ටීටීඊ සංවිධානය සමග පැවැති අවසන් සටනේදී පවා ඇතැම් අතරමැදියන් එම සංවිධානයේ නායකයින් ආරක්‍ෂා කර ගැනීමට මහත් වෑයමක් දැරූ බව හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
අවසන් සටනේ අවසන් රාත්‍රියේදී පවා කලපුව හරහා පැමිණ ආරක්‍ෂක හමුදාවට පහරදී පලා යාමට ප්‍රභාකරන්, නඩේසන්, පුලිදේවන් ඇතුළු පිරිස උත්සහ කළහ.
එහෙත් හමුදා ප්‍රහාර හමුවේ ඔවුන් මරුමුවට පත් බව හමුදාපතිවරයා කියා සිටියේය.
දේශපාලන අංශ ප්‍රධානී නඩේසන් භාරවීමට කැමති බව යම් අතරමැදියකු ආරක්‍ෂක ලේකම්වරයාට දුරකතනයෙන් දැනුම් දුන්න ද ඉන් විනාඩි 10කට පමණ පසු නඩේසන්ගේ මළ සිරුර යුද බිමේදී සොයාගත් බව ජෙනරාල්වරයා පැවසීය.
සටන් විරාමයක් ඇති කිරීම සඳහා අවසන් මොහොතේ ද ඇතැම් අතරමැදියන් උත්සාහ දැරුව ද ඉන් සිදුවිය හැකිව තිබුණේ සිවිල් වැසියන් ආරක්‍ෂා වීම නොව ත්‍රස්තවාදීන් ආරක්‍ෂා වීම බව ද හමුදාපතිවරයා අවධාරණය කළේය.

“අමෙරිකාව,බ්‍රිතාන්‍යය පළමුව යුද අධිකරණයට ගෙනයන්න”


ශ්‍රී ලංකාවේ හමුදාව හෝ නිලධාරීන් යුද අපරාධ අධිකරණයට ගෙන යා යුතු යැයි යමෙකු පවසන්නේ නම් ඊට පෙර අමෙරිකානු හා බ්‍රිතාන්‍ය නායකයින් එවැන්නක් හමුවට ඉදිරිපත් කළ යුතු බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය ආරක්‍ෂක ලේකම්වරයා සමග කළ සාකච්ඡාවකදී ඔහු එසේ පැවසීය.
ලොව බො‌හෝ රටවල් ත්‍රස්තවාදයට එරෙහි විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සැම රටකටම වඩා ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන්ට වන හානි අවම කරමින් එම කටයුත්ත සාර්ථකව ඉටු කළ බව ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාව ගැන සොයා බැලීමට ප්‍රථම අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවල ක්‍රියාකලාපය පරීක්‍ෂා කළ යුතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

සෝදිසි මෙහෙයුම්වලදී ටී.56 හා එම්.පී.එම්.ජී පතොරම් ‍තොගයක් හමුවේ

යුද හමුදාවේ 05 වන කාර්ය සාධක බළකාය විසින් මුලතිව් මල්ලාවි ප්‍රදේශයේ ඊයේ ( 22 ) දින සිදුකළ සෝදිසි ‍මෙහෙයුමකින් ටී.56 පතොරම් 3,878 ක් හා එම්.පී.එම්.ජී පතොරම් 200ක් සොයා ගැනීමට සමත්විය.
එසේම යුද හමුදාවේ 53 වන සේනාංකය සෙබළුන් වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 02ක් ඇතුළු තවත් අවි ආයුධ සොයා ගෙන ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
ටී.56 ගිනි අවි 20ක්, ටී.81 ගිනි අවියක්, මි.මි 60 මෝටාර් අවියක්, මි.මි 40 ඒ.ජී.එල් 02ක්, ෂොට් ගන් 02ක්, එම්.පී.එම්.ජී 01ක්, එම්.16 01ක්, එෆ්.එන්.සී අවි 04ක්, රේඩාර් ස්කෑන්ස් 04ක් හා රේඩාර් මොනිටර් 04ක් ද මෙහිදී හමුදාව සොයා ගෙන ඇත.

ජනපති ‘විශ්ව කීර්ති ශ්‍රී ත්‍රිසිංහලාදීශ්වර’ නාමයෙන් පිදුම් ලබයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාතෘ භූමියේ ඉහළ ම ගෞරව සම්මානය වන ‘විශ්ව කීර්ති ශ්‍රී ත්‍රිසිංහලාදීශ්වර’ යන‍ ගෞරව සම්මාන‍යෙන් අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ, මඟුල් මඩුවේදී පිදුම් ලැබීය.
මල්වතු සහ අස්ගිරි උභය පාර්ශව මහානායක හිමිවරු මේ ගෞරව සම්මානය ජනාධිපති තුමන් වෙත පිළිගැන්වූහ.එම අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ දෙකඩ වීමට ගොස් එක්සත් කළ රට යළිත් දෙකඩ නොවන පරිදි ගොඩනඟන බවට ඓතිහාසික දළදා සමිදුන් මෙන් ම ගරුතර මහා සංඝරත්නය ඉදිරියේ දිවුරා පොරොන්දු වන බවයි. ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයාටත්, ආරක්ෂක ප්‍රධානීන්ටත් පොලිස්පතිවරයාටත් සියලු ම රණවිරුවන්ටත් රට එක්සේසත් කිරීමට දැක් වූ දායකත්වයට සිය කෘතඥතාව පිරිනැමුවේය.අමාත්‍යවරයෙකු ව සිටියදී මහානායක හිමියන් එදා තමාට ‘ශ්‍රී රෝහණ ජනරංජන’ ගෞරවනාමය පුදකරමින් අපේක්ෂා කළේ ද රට එක්සේසත් කිරීම බවත් අද උන්වහන්සේ ජීවතුන් අතර සිටියා නම් වඩාත් සතුටු වන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කෙළේ ය.එමෙන් ම වසර තිහක් පමණ ත‍්‍රස්තවාදයත් සමඟ ගත කළ බැවින් ශාසනය වෙනුවෙන් ඉටු කළ යුතු බොහෝ යුතුකම් අපගෙන් මඟ හැරී ගිය බවද මෙහිදි සඳහන් කළ ජනාධිපතිතුමා එම යුතුකම් සියල්ල ඉටු කරමින් දැහැමි සමාජයක් ගොඩනැඟීම රජයේ පරම වගකීම සේ සළකා කැප වී ඉටුකරන බවද සඳහන් කළේය. එමෙන් ම මහා සංඝරත්නය තමා වෙත පුද කරන ලද විශ්ව කීර්ති ශී‍්‍ර ති‍්‍රසිංහලාදීශ්වර සම්මානය පිළිගන්නවා සේ ම නිරන්තරයෙන් තමා ඇතුළු රජය වෙත ලබා දුන් අපරිමිත ධෛර්ය උදෙසා ද මහා සංඝරත්නයේ දෙපා නමැද ආචාරය පුද කරන බව ජනාධිපතිතුමා මෙහිදි සඳහන් කළේය. ආරක්ෂක ලේකම්තුමා, මාණ්ඩලික ප‍්‍රධානීතුමා, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා සහ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත ද මෙහිදි මල්වතු අස්ගිරි නා හිමිවරුන් අතින් ගෞරව සම්මාන පුද කෙරිණි.ඓතිහාසික දළදා මාළිගාවේ දියඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා අතින් විශේෂ සමරු තිළිණ ද මෙහිදි ජනාධිපතිතුමා ඇතුළු පිරිස වෙත ප‍්‍රදානය කෙරිණි.

Friday, May 22, 2009

අපට අභිමානයෙන් නැගී සිටිය හැකියි - ජනපති

ශ්‍රී ලාංකිකයින් තුළ සැඟව තිබූ උපන් දේශය පිළිබඳ සැබෑ ගුණාංග ඉස්මතු කර ගත හොත් ජාතියක් වශයෙන් සමස්ත ලෝකය ම ඉදිරියේ අභිමානවත්ව නැගී සිටිය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේදී පැවති රණවිරු ප්‍රණාම ජාතික රැළිය අමතමිනි.
1956 වසරේ ගොඩ නැගූ පංච මහා බලවේගයට රණවිරු බලවේගය වශයෙන් නව බලවේගයක් එක් වන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රණවිරුවන් ජාතික ධජයට දුන් අභිමානය සැමරීමේදී සංයමයකින් යුතුව ක්‍රියා කරන ලෙසය.
කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා සමග විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයෝ මෙම රැළිය අමතමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට බේරාගත් සේනාධිනායක ජනාධිපතිවරයා සහ සියලු ම රණවිරුන්ට සිය උපහාර පුද කළහ.

Thursday, May 21, 2009

සිත් නොරිදෙන ලෙස ජය සමරන්න - ජනපති

ත්‍රස්තවාදය පරාජය කිරීම හේතුවෙන් ජාතියේ ප්‍රීතිය උතුරා ගළා යාම කිසිවෙකුගේ සිත් රිදවීමට හේතු නොවන බවට වග බලා ගැනීම මව් බිමට පුදන ශ්‍රේෂ්ඨතම උපහාරය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම විජයග්‍රහණයේදී සියලු දෙනා ශක්තිමත්ව එක්සිත්ව සිටිය යුතු බව ජනාධිපතිවරයා පවසන බවය.
දශක 3කට වැඩි කාලයක් ත්‍රස්තවාදයෙන් බැට කා තැලුණු ජාතියක් සැබවින් ම එය පරාජය කිරීමෙන් දිවයින පුරා උත්සව පැවැත්වීම නිරායාසයෙන් සිදු වන්නක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

උතුරට වසන්තය කැන්දන පළමු පියවරට දින 180 වැඩසටහනක්

‘උතුරු වසන්තය’ රජයේ සංවර්ධන ක්‍රියාදාම‍යේ ආරම්භක පියවර වශයෙන් දින 180ක වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා අද (21) පැවසීය.
රාජපක්ෂ මහතා මේ බව පැවසූවේ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උතුරු පළාත් නැවත පදිංචි කිරීම්, සංවර්ධනය සහ ආරක්ෂාව සැලසීම සඳහා ඉදිරි පියවර ගැනීමට ජනාධිපති තුමා පත්කර ඇති විශේෂ කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදී ය.
මේ පිළිබද සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡා වාර දෙකක් පැවැත්විණි. පළමු වාරයේදී උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ජීවනෝපාය කටයුතු පිළිබඳ ව අදාල අමාත්‍යාංශවල ලේකම්වරුන් දැනුවත් කිරීම සිදු වූ අතර දෙවන වාරයට සෞඛ්‍ය, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන සහ කම්කරු වැනි අමාත්‍යාංශවල ලේකම්වරු සහභාගි වූහ.

Tuesday, May 19, 2009

ප්‍රභාකරන්ගේ සිරුර හදුනාගනී

හමුදාපතිවරුන්ට උසස්වීම්







වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිලය උසස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ඒ අනුව, ලුතිනන් ජෙනරාල් යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජෙනරාල් නිලයට උසස් කර ඇත.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් නිලයට පත් කෙරිණ.
ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මහතා එයාර් චීෆ් මාෂල් නිලයට ද උසස් කර තිබේ.

Monday, May 18, 2009

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී නායකයා හමුදා ප්‍රහාර හමුවේ මරුට

දශක තුනක් මුළුල්ලේ ශ්‍රී ලංකා ද්වීපය පීඩාවට පත් කළ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී නායකයා වන වේලුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලංකා යුද හමුදාවේ වීරෝධාර රණවිරුවන්ගේ ප්‍රහාර හමුවේ අද ( 18 ) උදෑසන මරණයට පත්විය. තවත් කොටි නායකයින් කිහිපදෙනෙකු සමඟ ගිලන්රථයකින් යුද මුක්ත කලාපයෙන් පලා යෑමට උත්ස‍හ කිරීමේදී හමුදාව එල්ල කළ ප්‍රහාර හමුවේ කොටි නායකයා මියගිය බව උතුරු යුද පෙරමුණෙන් වාර්තා වන බව ස්වාධීන රූපවාහිනී සේවය වාර්තා කරයි. මුහුදු කොටි නායක සුසෙයි හා කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ද මෙම ප්‍රහාර හමුවේ මියගිය බව එම රූපවාහිනී සේවය ප්‍රකාශ කරයි.

චාල්ස් ඇන්තනීගේ මළ සිරුර හමුවේ

ආයුබොහෝ වේවා මහ රජාණෙනි !!

කොටි ත්‍රස්තවාදීන්ගේ සිරුරු හදුනා ගැනේ

චාල්ස් ඇන්තනි, නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් ජීවිතක්ෂයට

ආරක්ෂක හමුදා සහ කොටි ත්‍රස්තවාදීන් අතර ඇති වූ ගැටුමේදී මියගිය එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ පුත් මෙන්ම කොටි ගුවන් අංශයේ නායකව සිටි චාල්ස් ඇන්තනි සහ තවත් නායකයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනීමට යුද හමුදාව සමත් වී ඇත. එල්ටීටීඊ පොලිස්පතිව සිටි තමිල් චෙල්වම්ගේ මරණින් පසු දේශපාලන අංශ නායක බවට පත් වූ නඩේසන්ගේ ද මළ සිරුර ද ඒ අතර වේ.
එසේම කොටි ජ්‍යෙෂ්ඨ නායකයන් දෙදෙනෙකු වන පුලිදේවන් හා රමේෂ්ගේ මළ සිරු‍රු ද මේ වන විට සොයාගෙන ඇති අතර ආරක්ෂක හමුදා තවදුරටත් ත්‍රස්තවාදී නායකයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අංශ පවසයි.

කොටි හිතවාදීන් ජර්මණියේ යකා නටයි

කොටින්ට සිදුවී ඇති විනාශය විදගැනීමට නොහැකිවූ පිරිස් ඊයේ ජර්මණියේ ෆ්‍රැන්ක්ෆර්ට් සහ ඩුසල්ඩෝෆ් යන නගර වල දුම්ර්‍රිය ධාවනයට බාදාවන අයුරින් හැසිරී ඇත. ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ ප්‍රධාන දුම්ර්‍රිය ස්ථානයට බාධා ඇතිකල අයුරු.

Sunday, May 17, 2009

සුසෙයිගේ බිරිඳ කරුණාගේ සොයුරිය බවට හෙළිවෙයි

මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිඳ, කරුණා අම්මාන් හෙවත් අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන්ගේ සොයුරිය බවට උතුරු ආරංචි මාර්ග අනාවරණය කරයි.
සුසෙයිගේ බිරිඳ, දරුවන් සහ ඔහුගේ ඥාතීන් කිහිප දෙනෙකු පලා යාමට උත්සහ කරද්දී පසුගියදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.සුසෙයිගේ බිරිඳ විසින් කොටි ත්‍රස්ත නායකයින් පිළිබඳ තොරතුරු රැසක් ආරක්ෂක අංශ වෙත අනාවරණය කරනු ලැබීය.

ජනාධිපතිතුමා මව්බිමට සැපත් වේ

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (17) උදෑසන ශ්‍රී ලංකාවට සැපත්වීමට නියමිත ව තිබේ.
ජෝර්දානයේ තෙදිනක නිල සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය සංචාරය නිම වා මාතෘභූමියට පැමිණෙන්නේ ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් රාජ්‍යයක සේනාධි නායකයා මෙන් ම රාජ්‍ය නායකයා වසයෙනි.
ජී-11 සමුළුව සහ මැද පෙරදිග ලෝක ආර්ථික සම්මේලනයට සහභාගී වීමෙන් අනතුරු ව ආරක්ෂක අංශ ලබා ගන්නා සුවිශේෂ ජයග්‍රහණ පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් ම සොයා බැලූ ජනාධිපතිතුම‍ා වහා ම මව්බිමට ඒමට තීරණය කෙළේ ය.

Saturday, May 16, 2009

හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යළි ප්‍රහාරයක්

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට යළි එල්.ටි.ටී.ඊ හිතවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල විය.
විදේශ කටයුතු අමාතශාංශය ප්‍රකාශ කළ පරිදි ඊයේ රාත්‍රි තානාපති කාර්යාලයට අදාළ පිරිස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එහිදී තානාපති කාර්යාලයේ ගින්නක් ද හටගෙන ඇති අතර එය කඩිනමින් නිවා දැමීමට නෙදර්ලන්ත පොලිසිය පියවර ගත්තේය.
මෙය දින 4 ක් ඇතුළත නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට එල්.ටි.ටි.ඊ හිතවාදීන්ගෙන් එල්ල වු දෙවන ප්‍රහාරය වේ.
එහිදී තානාපති කාර්යාලයේ දෙපලවලට ද හානි සිදුවිණ.
මීට පෙර එල්ල වු ප්‍රහාරයෙන් ද තානාපති කාර්යාලයට අලාභහානි සිදුවු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහි යුරෝපා උත්සහය හකුලා දමයි

යුරෝපීය රටවල් කිහිපයක් එක් වී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහිදී මානව හිමිකම් කවුන්සලයේ විශේෂ සැසිවාරයක් කැඳවීමට ගත් උත්සහයක් හකුළා ගැනීමට එම රටවලට සිදුව ඇත. මානව හිමිකම් කවුන්සලයට අයත් රටවල් 47 න්, ඒ සඳහා අත්සන් 16 ක් ලබාගැනීමට මෙය සංවිධානය කළ රටවලට නොහැකිවීම ඊට හේතුවයි.ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමරිකාව හා මැද පෙරදිග රටවල් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙන අතර නැගෙනහිර යුරෝපීය රටවල් කිහිපයක්ද ඊට සහය දක්වා ඇත. බ්‍රිතාන්‍ය, ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය ඇතුළු රටවල් 12 ක් පමණ මෙම අසාර්ථක උත්සහයේ නිරත වූ බව පැවසේ. කොටි ත්‍රස්තවාදය අවසන් කෙරෙමින් පවතින මේ මොහොතේ යුරෝපීය රටවල් ගන්නා මෙම උත්සහය පිළිබඳව ජගත් මානව හිමිකම් කවුන්සලයේ රටවල් රැසක සැකයට හා දෝෂදර්ශනයට ලක්ව ඇති බව ආපදා කලමනාකරණ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය රජීව් විජේසිංහ මහතා පැවසීය.

Friday, May 15, 2009

ඉදිරි පැය 48දී ත්‍රස්තවාදීන්ගෙන් දෙමළ ජනතාව මුදාගැනීමට හැකි වනු ඇත


මුලතිව් කුඩා බිම් කඩකට සීමා වී ඇති එල්.ටී.ටී.ඊ. බලය සම්පූර්ණයෙන් මැඬපවත්වා ත්‍රස්තවාදී ග්‍රහණයෙන් දෙමළ ජනතාව මුදාගැනීමට ඉදිරි පැය 48ක් තුළ වීරෝදාර රණ විරුවන් සමත් වෙතැයි අප දැඩි සේ විශ්වාස කරන බව ඊයේ (14) ජෝර්දානයේදී ශ්‍රී ලංකා ප්‍රජාව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කෙළේ ය.

කොටි 14කගේ මළ සිරුරු හමුවේ


මුලතිව් වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයේදී ඊයේ ( 14 ) දිනයේ යුද හමුදාවේ 58 වන සේනාංකය විසින් කොටි ත්‍රස්තවාදීන්ට එල්ල කළ ප්‍රහාරවලින් කොටින්ට දැඩි හානි සිදුව ඇත.
පසුව එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් මියගිය කොටි සාමාජිකයින් 12 දෙනෙකුගේ මළ සිරුරු, රොකට් ලෝන්චරයක්, බබා මෝටාර් 01ක්, මි.මි 12.7 අවියක් හා ටී.56 ගිනි අවි 29ක් යුද හමුදාව සොයා ගෙන ඇති බව ජාතික ආරක්ෂා‍ව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
එසේම එම ප්‍රදේශයේදීම යුද හමුදාවේ 53 වන සේනාංකය හා කොටි ත්‍රස්තවාදීන් අතර ඇතිවූ ගැටුම්වලින්ද කොටින්ට හානි සිදුව ඇති අතර යුද හමුදාවටද සුළු හානි සිදුව තිබේ.

වැල්ලවත්තේ මරාගෙන මැරෙන ඇඳුම්

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක සිවිලිම පරික්ෂා කිරීමේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 2ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, මෙම සිද්ධියෙන් පසු එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තරුණයෙකු 7 වන මහලින් බිමට වැටී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති බවය.
මෙම තරුණයා බිමට පැන සිය දිවි හානි කර ගෙන ඇති බවට සැක මතු වී ඇතැයි පොලිසිය පැවසීය.

භට පිරිස් වෙරළ තීරුව දිගේ ඉදිරියට, දහසකට අධික ප්‍රාණ ඇපකරුවන් පිරිසක් බේරාගනී

53 හා 58 වන සේනාංක ත්‍රස්තවාදී ප්‍රහාර මධ්‍යයේ සිවිල් ආරක්ෂක කලාපය දෙසට ඇදෙමින් සිටින අතර, වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් 1000 කට වඩා වැඩි ප්‍රාණ ඇපකරුවන් පිරිසක් බේරාගැනීමට සමත් ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.දකුණු දිග පෙදෙසේ සිටින 59 වන සේනාංකය වෙත අද දින (මැයි 14) 1000 කට වඩා වැඩි සාමාන්‍ය වැසියන් ප්‍රමාණයක් පැමිණ ඇති බැව් වාර්තා සඳහන් කරයි.මේ අතර, 200 – 250 ක් පමණ පිරිසක් 58 වන සේනංකය හා 53 වන සේනංකය දෙසට රැකවරණ පතා පැමිණ ඇත.11වන පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ගිණිකොන වෙරළ බඩ දෙසින් තවදුරටත් මෙහෙයුමි සිදුකරමින් ඉදිරියට ඇදෙන අතර, අත්හැරදමා තිබෙන පාරා III නැවට අසන්නයට පැමිණ ඇති බැව් යුද බිමෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.

දෙමළ ජනතාව මුදාගැනීමට නම් ප්‍රහාර නොනැවැත්විය යුතු බව පලා ආ ඉංග්‍රීසි ගුරුවරියක් පවසයි

දෙමළ ජනතාව මුදා ගැනීමට නම් එල්ටීටීඊයට එරෙහි ප්‍රහාර දිගින් දිගට ම ක්‍රියාත්මක කළ යුතු බව අද (14) 53වන සේනාංකය වෙත ත්‍රස්තවාදීන්ගෙන් මිදී පැමිණි ප්‍රාණඇපකරුවන් අතර සිටි ඉංග්‍රීසි පාසල් ගුරුවරියක පැවසුවාය.
කිලිනොච්චියේ උදයාරන්කට්ටු විද්‍යාලයේ ගුරුවරියක වූ ඇය වැඩිදුරටත් පවසා සිටියේ එල්ටීටීඊය මුළුමනින් ම විනාශ නොකර රටට සාමය උදා කළ නො හැකි බවයි. එහි සිර වී සිටින දෙමළ ජනතාව මුදාගැනීමට හමුදාව එල්ටීටීඊයට එරෙහි ප්‍රහාර තවත් වැඩි කළ යුතුයැයි ඇය පැවසුවාය.දෙමළ දරුවන් යුධවාදී කටයුතුවලට යොදා ගනිමින් ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය විනාශ කොට ඒ දරුවන්ගේ අනාගත සුබසිද්ධිය සම්පූර්ණයෙන් ම විනාශ කළේ එල්ටීටීඊය බව ද ඇය අවධාරණය කළා ය.අද 53වන සේනාංකයේ ඊටපිරිස් සාමාන්‍ය වැසියන් 352 දෙනෙකු මුදා ගැනීමට සමත් වී ඇත. කරෙයිමුල්ලිවෛක්කාල් බටහිර ප්‍රදේශයේ මෙහෙයුම්හි නිරත 53වන සේනාංකයේ 6වන ගජබා රෙජිමේන්තුවේ සහ 5වන විජයබා පාබල බලඇණියේ සෙබළුන් විශාල අවිආයුධ ප්‍රමාණයක් අත්පත් කර ගෙන තිබේ.ටී56 අවි 42ක්, ආර්පීජී විදිනයක්, මිමි 60 මෝටාර් විදිනයක්,විශාල ප්‍රමාණයේ ක්ලේමෝ බෝම්බ 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ට්ලයක්, එම්පීඑම්ජී අවි 2ක් සහ එෆ්එම්සී අවි 2ක් ඒ අතර තිබුණි.

Thursday, May 14, 2009

ආයුධ බිම දමා සිවිල් වැසියන්ට යාමට ඉඩදෙන ලෙස ඇමරිකාව හා බ්‍රිතාන්‍යය එල්.ටී.ටී.ඊ. යට දැනුම් දෙයි

ඇමරිකාව හා බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාවේ මානුෂීය වාතාවරණය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරු ව ඊයේ (13 දින ) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එල්.ටී.ටී.ඊ. ය ආයුධ බිම දැමිය යුතු බවත්, සිවිල් ජනතාවට ගැටුම් පවතින ප්‍රදේශවලින් ඉවත් වීමට ඉඩ දිය යුතු බවත් ප්‍රකාශකර සිටී.
ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් වොෂින්ටන්හිදී හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරු ව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරිණි.මෑතකදී ප්‍රකාශිත නව ආරක්ෂිත කලාපය තුළ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවත්, ඉතා ඉක්මනින් ම ආරක්ෂා සහිත ව ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටින දහස් ගණනක් වූ සිවිල් වැසියන්ව මුදා ගත යුතු බවත්, මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ත්‍රස්තවාදය මඩින්න අයිතියක් තියෙනවා - එජා ආරක්ෂක මණ්ඩලය

ත්‍රස්තවාදය මැඩලීමට ශ්‍රී ලංකා රජයට ඇති නීත්‍යනුකූල අයිතියට ගරු කරන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.
ආරක්ෂක මණ්ඩලයේ වත්මන් සභාපති සහ රුසියානු තානාපති විටර්ලි චර්කින් මහතා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ පැවති ප්‍රථම නිල සාකච්ඡාවෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කළ බවය.
උතුරේ පවතින ගැටුම්වලින් සිවිල් වැසියන් මිය යාම පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
ආරක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකා රජයෙන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ, ගැටුම්වලට මැදිව සිටින සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

Tuesday, May 12, 2009

ආරක්‍ෂක අංශ විශේෂ ආරක්‍ෂිත කළාපයට ඇතුළු වෙති

මුලතිව් කාර්යාලමුල්ලවයික්කාල් ප්‍රදේශයෙන් 58වන සේනාංකයේ භට පිරිස් විශේෂ ආරක්‍ෂිත කළාපයට ඇතුළු වුණු බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි.අද(12) කොළඹ පැවති ආරක්‍ෂක තොරතුරු දැනුම් දීමේ මාධය හමුවට එක් වෙමින් හෙතෙම සඳහන් කළේ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් මුදා ගැනීමේ මොහයුම්ද ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම මෙහිදී 58වන සේනාංකය සහ කොටි ත්‍රස්තවාදීන් අතර ඇති වූ ගැටුම් වලින් පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ත්‍රස්ත මළ සිරුරු 25ක් ආරක්‍ෂක අංශ විසින් සොයාගෙන ඇත.මේ අතර 59 වන සේනාංකය මුලතිව් වඩිඩුවකාල් ප්‍රදේ්‍ශයෙන් කොටි පස්බැමිම බිදදමමින් ආරක්ෂක කළාපයට ආසන්න වෙමින් සිටින බව නානායක්කාර මහතා පැවසීය.

මිලීබැන්ඩ්, කුච්නර් සහ ස්පින්ඩෙල්ගේ ප්‍රයත්නය අසාර්ථක වෙයි.

බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් මිලීබැන්ඩ, ප්‍රංසයේ බර්නාඩ් කුච්නර් සහ ඔස්ට්‍රියාවේ ස්පින්ඩෙල් යන තිදෙනා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කෞන්සලය රැස්කිරීමට මහත් වෙහෙසක් දැරූ අතර එය අතර මග ලොප්වී ගොස් ඇත. ශ්‍රී ලංකාවේ තත්වය ඉතා භයානක බවත් පසුගිය සති අන්තයේ සිදුවූ සිදුවීම් වලින් තමන් ඉතා භීතියට පත්වූ බවත් පවසා වහාම එක්සත් ජාතීන්ගේ රැස්වීමක් කැදවිය යුතුය යන මතයේ සිටියත් අනිකුත් සාමජික රටවල් වල විරුද්ධතාවය මත එම උත්සාහය වි‍ය්‍යර්තවී ගොස් ඇත.

සිවිල් ආරක්ෂක කලාපයට එල්.ටී.ටී.ඊ.යෙන් දරුණු මෝටාර් ප්‍රහාරයක්

රජය විසින් ප්‍රකාශය‍ට පත් කර ඇති නව සිවිල් ආරක්ෂක කලාපය තුල සිට ඊයේ (මැයි 10) උදෑසන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් එම කලාපය අවට සිටින සිවිල් දමිළ වැසියන් ඉලක්ක කර දරුණු ප්‍රහාරයක් සිදු කර ඇති බව බර අවි ස්ථානගත කර ඇති හා ප්‍රහාරයන් සිදුවන ස්ථානයන් නිරීක්ෂණය සඳහා ස්ථාපිත කර ඇති ආරක්ෂක රේඩාර් පද්ධතියට නිරීක්ෂණය වු බව යුද හමුදාව පවසයි.

එල්ටීටීඊය සාමාන්‍ය වැසියන්ට බරඅවිවලින් පහර දෙන බව පවසයි

යුද මුක්ත කලාපයේ සිට පැමිණි එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අ‍ට දෙනෙකු 53වන සේනාංකයේ සෙබළුන් වෙත අද (11) භාර වී ඇත.
ඊයේ සහ අද යුද මුක්ත කලාපයේ සිට පැමිණෙන සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ. සාමාන්‍ය ජනතාව සමඟ එල්ටීටීඊයෙන් මිදී පලා ආ මේ ත්‍රස්තවාදීන් ද ප්‍රකාශ කොට ඇත්තේ එල්ටීටීඊය ඔවුන්ගෙන් මිදී එන සාමාන්‍ය ජනතාවට ප්‍රහාර එල්ල කළ බවයි.
ඔවුනතර සිටි එක් ත්‍රස්තවාදියෙකු එල්ටීටීඊය යුද මුක්ත කලාපයේ සිටින සාමාන්‍ය වැසියන්ට බරඅවිවලින් ප්‍රහාර එල්ල කරන බව ද පවසා තිබේ.

විදේශිකයින් 6 දෙනෙකු රටින් පිට කෙරේ

මෙරටට අහිතකර අන්දමේ ක්‍රියාවල නිරත වූ විදේශිකයින් 6 දෙනෙකු මේ වසරේ රටින් පිට කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන විගමන පාලක පී.බී. අබේකෝන් මහතා සඳහන් කළේ, දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි කිහිපයක් සලකා බලා කරන ලද පරීක්ෂණවලින් අනතුරුව මෙම පුද්ගලයින් රටින් පිටමං කළ බවය.
අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ හා බුද්ධි අංශවලින් තොරතුරු වාර්තා වූ බව ද අබේකෝන් මහතා පැවසීය.
එම පිරිස බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයකට අයත් පුද්ගලයෝ වෙති.
ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ, මෙරටට පැමිණෙන විදේශිකයින්ගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් දැඩි අවධානයෙන් පසුවන බවය.

Monday, May 11, 2009

මුහුදු කොටි දෙවැනියා මරුට

58 වන සේනාංකයේ භට පිරිස් සිදු කළ ප‍්‍රහාරයකදී එල්ටීටීඊයේ මුහුදු කොටි අංශයේ දෙවැනි අණ දෙන්නා ලෙස සැළකෙන වෙල්ලයන් නමැති ත‍්‍රස්තවාදියා මිය ගොස් ඇති බව හෙළි වී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
පසුගිය 8 වෙනිදා කාරෙයියමුල්ලෙයිවයික්කාල් ප‍්‍රදේශයේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ පස් බැම්ම අත්පත් කර ගත් අවස්ථාවේදී ඔහු මිය ගිය බව කොටිසන්නිවේදන තොරතුරු ඔස්සේ අනාවරණය වී ඇත.

යුද හමුදාව සාමාන්‍ය දමිළ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් ඉදිරියටම

58 සේනාංකය යටතේ සිටින ගුවන් සංග‍්‍රාමික භට පිරිස් ඊයේ (09) යුද මුක්ත කලාපයේ ඉදිරියට යමින් නරෙයිමුල්ලවයික්කාල් ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් සතු ව තිබූ ප‍්‍රබල ස්ථාන කීපයක් අත්පත් කර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

6 වන ගජබා රෙජිමේන්තුව, 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 1 වන පාබල රෙජිමේන්තුවේ සහ 17 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් ත‍්‍රස්තවාදි ආරක්ෂක වළල්ල බිඳ දමමින් මෙසේ ඉදිරියටම ගොස් ඇත.

එම ප‍්‍රදේශය පුරා බිම්බෝම්බ අතුරා තිබී ඇති අතර එල්ටීටීඊ පණිවිඩ හුවමාරුවලින් හෙළි වී ඇත්තේ ත‍්‍රස්තවාදින් විශාල සංඛ්‍යාවක් මියගොස් තවත් විශාල ගණනකට තුවාල සිදු වී ඇති බවද වාර්තා වෙයි.

Saturday, May 9, 2009

මුහුදු කොටින්ගේ යාත්‍රා දෙකක් අල්ලාගෙන දෙකක් විනාශ කරයි

අද අළුයම නාවික හමුදාවට ප්‍රහාරයක් එළ්ල කිරීමට මුලතිව් වයික්කාල් ප්‍රදේශයේ සිට පැමිණි කොටි ත්‍රස්තවාදීන්ගේ යාත්‍රා දෙකක් විනාශ කොට යත්‍රා දෙකක් අල්ලා ගැනීමට සමත්වූ බව නාවික හමුදාව පවසයි.
මරාගෙන මැරෙන කොටින්ගේ බෝට්ටුවක් සහ තවත් කොටි යත්‍රාවක් විනාශ කල බවත් මෙයින් කොටි ත්‍රස්තවාදීන් 14 මිය යන්නට ඇති බවත් නාවික හමුදාව ප්‍රකාශ කර සිටී.

පුවත් ප්‍රථමයෙන්

Thursday, May 7, 2009

පුවත් ප්‍රථමයෙන්

ස්වාධීන රූපවාහිනී පුවත් 07.05.2009

වෙනත් රටවල මෙන් අපේ රටේ ආර්ථිකය කඩා වැටී නෑ

ලෝකයේ බොහෝ රටවල ආර්ථිකය බිඳ වැටුණු අන්දමට අපේ රටේ ආර්ථිකයේ පසුබෑමක් ඇති වී නැති බව තොරතුරු සහ ජනමාධ්‍ය සහ ව්‍යවසාය සංවර්ධන හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (07) පැවසීය.
අද පාරලිමේන්තුවේදී සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මෙසේ කරුණු දැක්වීය.

කොටින්ගේ ලොරි රථයක් හමුදාව සොයා ගනී

යුද හමුදාවේ 02 වන කාර්ය සාධක බළකායේ සෙබළුන් ඊයේ ( 06 ) තෙරුමුක්කන්ඩි බටහිර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් කොටි ත්‍රස්තවාදීන්ගේ අශෝක් ‍ලේලන්ඩ් වර්ගයේ ලොරියක් සොයා ගෙන ඇත.

නච්චිකුඩා ප්‍රදේශයේදී යුද හමුදාවේ 05 වන කාර්ය සාධක බළකායේ සෙබළුන්ට පිටත දහන ඒන්ජිමක්, හඳුනානොගත් රසායනික ද්‍රව්‍ය පිරවූ ප්ලාස්ටික් කෑන් 01ක් හා අපරාධ නීතිය පිළිබඳ පොතක් හමුවී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

පුවත් ප්‍රථමයෙන්

එ.ජා. මහ ලේකම්ට ලංකාවට එන ලෙස ජනපතිගෙන් ඇරයුම්

පසුගිය දින කිහිපය තුළ කොටි ත්‍රස්තවාදී ග්‍රහණයේ සිට රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණි ජනතාවට ලබා දී ඇති පහසුකම් පිළිබඳව සියැසින් දැකබලා ගැනීම සඳහා මෙරටට පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇරයුම් කරයි.

මුලතිව් සන්නිවේදන කුළුණ පෙනෙන මානයට ආරක්ෂක හමුදා පැමිණේ

ආරක්ෂක හමුදා අද වනවිට (06) යුද මුක්ත කලාපයේ දකුණු දෙසින් මුලතිව් සන්නිවේදන කුළුණ පෙනෙන මානයට පැමිණ තිබෙන බව එහි සිටින විශේෂ නියෝජිතයෙකු පැවසීය.

කොටි සඟවා තිබූ භූමිතෙල් බැරල් තොගයක් හමුවේ

මුලතිව් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේදී යුද හමුදාවේ දෙවන කාර්ය සාධක බළකාය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් භූමිතෙල් ලීටර් 13,440ක් සොයා ගැනීමට සමත්ව ඇත.
ලීටර් 210 බැගින් අඩංගු වූ බැරල් 64ක් යුද හමුදාව විසින් මෙසේ සොයා ගෙන ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
එසේම පුදුකුඩිඉරුප්පු බටහිර ප්‍රදේශයේදී යුද හමුදාවේ 57 වන සේනාංකයේ සෙබළුන් කොටි ත්‍රස්තවාදීන්ගේ යුද උපකරණ රැසක් සොයාගෙන ඇත.

වන්නි මෙහෙයුම 06.05.2009

ස්වාධීන රූපවාහිනී පුවත් 06.05.2009

Wednesday, May 6, 2009

වන්නි මෙහෙයුම 05.05.2009

පුවත් ප්‍රථමයෙන්

ස්වාධීන රූපවාහිනී පුවත් 05.05.2009

බස්නාහිර පළාත්සභා විපක්ෂ නායිකා රෝසි


බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක ධූරය සඳහා රෝසි සේනානායක මහත්මිය පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, අද රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ තීරණයට එළඹුණු බවය.

හමුදාව එල්.ටී.ටී.ඊ. සැගවුම් ස්ථානවලට ළගාවේ

මේවන විට ආරක්ෂක හමුදාවන් ප්‍රධාන ත්‍රස්තවාදී නායකයා ඇතුලුව සෙසු ත්‍රස්තවාදීන් යුධ මුක්ත කළාපයේ රෙක්ටවයික්කාල් දකුණු ප්‍රදේශයේ වර්ග කි.මි. 4. 5 ක භූමි ප්‍රමාණයකට සීමාකර ඇති අතර තුන් පැත්තකින් එම භූමි ප්‍රමාණය වටකර ක්‍රම ක්‍රමයෙන් ඉතිරිව සිටින සිවිල් වැසියන් බේරාගැනීම සදහා ඉදිරියට එමින් සිටිති.

පියසිරි විජේනායක රිමාන්ඩ්


ජනතා විමුක්ති පෙරමුණේ ආධාර කරුවකු වන නන්දන බාලගේගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී පියසිරි විජෙණායක ඇතුලු හය දෙනෙකුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් ලියනගේ මහතා විසින් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

Monday, May 4, 2009

කටුණායක ගුවන් තොටුපළ අවට් සැකකටයුතු ගුවන් යානාවක්

ස්වල්ප මොහොතකට පෙර කටුණායක අහසේ සැකකටයුතු ගුවන් යානයක් ගුවනේ දිස්වූ බව ඇසින් දුටු ආරංචි මාර්ග පවසයි. මෙම යානය පෙර පරිදිම ඉතා පහලින් පියාසර කර ඇති අතර, විදුලිය ඇනහිටීමක්ද සිදුවී තිබේ. කටුණායක අවට ආරක්ෂාව තරකර ඇත.

ස්වාධීන රූපවාහිනී පුවත් 04.05.2009

පුවත් ප්‍රථමයෙන්

යුධ හමුදාව පැති බෝම්බ 150 සොයාගනී

යුධ හමුදාවේ 53වන සේනාංකය පුදුකුඩීරිප්පුවේ කුප්පිලන්කුළමේදී කොටි පැති බොම්බ 150ක් විවිධ මාදිලියේ බොම්බ 300ක් කිළෝ 15ක පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

ස්වාධීන රූපවහිනී පුවත් 03.05.2009

VANNI MEHEYUMA 03:05:2009

බුත්තල සහ මොනරාගල හෙල්ලූ කොටි හතරක් මරු දකී

ඊයේ (02) ලද තොරතුරක් අනුව කංචිකුඩිච්චිආරු කැලයේ, උඩුම්බිකුලම් සිට කිමී. 2.5ක් පමණ දුරකින් පිහිටි ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදී මේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 4 දෙනා මරාදමා ඇති අතර ‍කැලෑ වැදී සිටි අම්පාර කොටි සන්නද්ධ බුද්ධි අංශ නායක වේදනායගම්ද මේ ප්‍රහාරයෙන් මියගිය බව වාර්තා වේ.
සිද්ධියෙන් මිය ගිය අනෙක් තිදෙනා ඊලවේන්ද්‍රන් සත්‍යපවන් සහ තලෙයිවේන්ද්‍රන් ලෙස හඳුනාගෙන තිබේ.

විශේෂ කාර්ය බලකා ප්‍රහාරයෙන් කොටි 4 ක් මරුට - පොතුවිල්

සිවිල් ජනතාව වෙතින් ලද තොරතුරක් මත ඊයේ (මැයි 2) දින සවස 4.30 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොතුවිල් කොමාරිහිදි සිදු කරන ලද මෙහෙයුමකදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 4 දෙනෙකු මරාදමා ඇත.
ටී - 56 ගිනි අවි 4 ක්, මයික්‍රො වර්ගයේ පිස්තොල 1 ක්, පතොරොම් අටක් සමග පිස්තොල මැගසින 1 ක්, ටී - 56 මැගසින් 8 ක්, එම් 16 පතොරොම් 44 ක්, ටී-56 පතොරොමි 205 ක්, අත්බොමිබ 3 ක්, අයිකොම් වර්ගයේ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක්, ඇන්ටෙනා 2ක්, කුඩා විදුලි පන්දම් බැටරි 21 ක්, පිහියක්, ඩෝග් ටෑග් 2 ක්, බෙල්ට් 1 ක් හා ආහාර ද්‍රව්‍ය කිහිපයක් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදීසි මෙහෙයුමකදී භට පිරිස් විසින් පසුව අනාවරණය කර ගනු ලැබිණි.
ලැබී ඇති තොරතුරු අනුව පසුගිය වකවානු‍ව තුලදී බුත්තල හා මොණරාගල යන ප්‍රදේශයන්හී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද විනාශකාරී ක්‍රියා මෙම ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයන් විසින් සිදු කර ඇති බව වාර්තා වේ.

Saturday, May 2, 2009

පැරිසියේ සිංහළ වෙළදසැල් වලට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් නැවතත් ප්‍රහාරයක් එල්ලකර ඇත.

පැරිසියේ ලා චැපල්හි පිහිටි ශ්‍රී ලංකා වෙළදසැල් කීපයකට එල්ටීටීඊ ත්‍රස්තවාදින් විසින් නැවත වරක් ප්‍රහාරයක් එල්ල කොට ඇතැයි වාර්තාවෙයි.පසුගිය 30වනදා රත්‍රියේ සිදුකර ඇති ප්‍රහාරය නිසා සිංහල ව්‍යපාරික ස්ථාන දෙකක් වන සරු කඩේ සහ ගමේ කඩේ යන ස්ථාන වලට වීදුරු වලට පහරදී විනාශ කර තිබේ.මෙම සිද්දිය සම්බන්ධයෙන් පොලිස් කොමසාරිස් වරයා යටතේ ප්‍රංස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.