Saturday, April 4, 2009

නිවසකට පැන දැරියක් ඝාතනය කරයි

අද අලුයම කොච්චිකඩේ, මලයන්දළුව ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දීමෙන් අවුරුදු 7ක පමණ වයසේ පසුවූ ගැහැණු දරුවෙක් ජිවිතක්ෂයට පත්විය.
කොච්චිකඩේ පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා දැරියට සහ ඇයගේ මවට තියුණු ආයුධවලින් පහර දී ඇති බවය.
තුවාල ලැබූ කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා තිබේ.