Monday, April 6, 2009

එල් ටී ටී ඊයේ අවසන් බිම් තීරය අත්පත් කරගැනීමේ මෙහෙයුම ඇරඹෙයි.

එල් ටී ටී ඊය සතු අවසන් බිම් තීරයද අද දිනයේ අත්පත් කරගැනීමට හමුදා බලඇණි බලාපොරොත්තු වනවා. වන්නි මානුෂීය මෙහෙයුමේ නිරත හමුදා බලඇණි ඊයේ පස්වරුව වන විට එල් ටී ටී ඊ සංවිධානය වර්ග කිලෝ මීටරයකට සීමා කිරීමට සමත් වුණා. අවසන් බිම් තීරය අත්පත් කරගැනීමේ මෙහෙයුම පිළිබඳව පුදුකුඩිඉරිප්පුවේ සිට වාර්තාවක් ගෙන එන නෙත් මාණ්ඩලික වාර්තාකරු චිරාන් ජීවන්ත සඳහන් කළේ හමුදා බලඇණි එල් ටී ටී ඊයට දැඩි ප‍්‍රහාර එල්ල කරන බවයි.
මේ අතර සටන් බිමෙන් ලැබෙන සිටින 59 වන සේනාංකයේ භට පිරිස් මුල්ලියාවේලි ප‍්‍රදේශයේදී එල් ටී ටී ඊ සාමාජිකයන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළ බවයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරන්නේ.