Monday, April 13, 2009

ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයට එල්.ටී.ටී.ඊ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක්

අද (අප්‍රේල් 12) පස්වරු 3 ට පමණ ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තනාධිපති කාර්යාලයට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් පහර දී විශාල හානියක් සිදුකර ඇත.
ශ්‍රී ලංකා රජය මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව දැඩි ලෙස හෙලා දකින අතර මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයින් හැකි ඉක්මනින් ජාත්‍යන්තර නීතී‍යේ රැහැනට අසුකර ගන්නා මෙන් නොර්වේ රජයෙන් ඉල්ලා සිටියි.

එසේම ශ්‍රී ලංකා තනාධිපති කාර්යාලයට සහ එහි සේවකයින්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා දෙන මෙන් නෝර්වේ රජය වෙතින් ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටියි.