Tuesday, April 7, 2009

උතුරු පළාත කුරිරු ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගෙන සමරන මුල් ම අලුත් අවුරුද්ද මෙයයි’ - ජනපති

ත‍්‍රස්තවාදයට යට වී තිබූ නැඟෙනහිර පළාත මුළුමනින්මත් ඉතා කුඩා කොටසක් හැර මුළු උතුරු පළාතත් කුරිරු ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගෙන සමරන මුල් ම අලුත් අවුරුද්ද මෙය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

2008 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව භාරගැනීම නිමිත්තෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී අද (06) පෙරවරුවේ පැවැත්වුණු උත්සවයේදී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කළේය.