Tuesday, April 7, 2009

සාමාන්‍ය ජනතාව මුදා ගැනීමේ උපක‍්‍රමශීලී මෙහෙයුම ඇරඹෙයි.

වර්ග කිලෝ මිටර් 17ක් වූ යුද මුක්ත කලාපයේ රැුඳී සිටින සාමාන්‍ය ජනතාව මුදා ගැනීම සඳහා හමුදා බලඇණි උපක‍්‍රමශීලී මෙහෙයුමක් ආරම්භ කළ බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශ වෙබ් අඩවියේ සඳහන් වන්නේ පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේදී හමුදා ප‍්‍රහාරවලින් එල් ටී ටි ඊ සාමාජිකයන් 453ක් මියගොස් ඇති බවයි. යුද මුක්ත කලාපයේ රැුඳී සිටින සාමාන්‍ය වැසියන් එල් ටී ටී ඊ සාමාජිකයන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරනවා.
මේ අතර පුදුකුඩිඉරිප්පු මුදා ගැනීමේ සටනේදි මියගිය එල් ටී ටීඊ නායකයන්ගේ සංඛ්‍යාව 9ක් බව දැන් තහවුරු වී තිබෙනවා. බුද්ධි තොරතුරු මීට පෙර අනාවරණ කළේ එම සංඛ්‍යාව 5ක් බවයි. එහෙත් එල් ටී ටී ඊ මෝටාර් අංශයේ ප‍්‍රධානියා, කාලතුවක්කු අංශයේ ප‍්‍රධානියා, රාධා බලකායේ ප‍්‍රධානියා සහ සෝදියා බලකායේ ප‍්‍රධානියෙකු ද මියගිය අය අතර වන බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ හමුදා බලඇණි ප‍්‍රදේශය පුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම්වල නිරත වන බවයි.
ඊයේ දිනයේදී සාමාන්‍ය වැසියන් 2127ක් රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණ ඇති බවයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.