Friday, April 10, 2009

ත්‍රස්තවාදය මර්දනය කිරීමට ශ‍්‍රී ලංකාව ලැබූ අත්දැකීම් මුළු ලෝකයට ම ආදර්ශයක්

ලිබියානු නායක කර්නල් මුහම්මාර් ගඩාෆී
ත‍්‍රස්තවාදය මර්දනය කිරීම පිළිබඳ ව ශ‍්‍රී ලංකාව ලැබූ අත්දැකීම් මුළු ලෝකයට ම ආදර්ශයක් යැයි ලිබියානු නායක කර්නල් මුහම්මාර් ගඩාෆී ඊයේ (09) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර පැවති හමුවේදී පවසා තිබේ.
ශ‍්‍රී ලංකාවෙන් ත‍්‍රස්තවාදය ඉවත්කිරීමේ ජයග‍්‍රාහී අවසානයට ළඟාවී ඇති බවත් ඒ පිළිබඳ ව තමාගේ සුභ පැතුම් ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමාට පිරිනමන බවත් ලිබියානු නායකයා ප්‍රකාශ කර ඇත.