Friday, April 3, 2009

උතුරු වසන්තයෙන් උතුරේ සෑම ගමකටම විදුලිය ලබා දීමේ විශේෂ ව්‍යාපෘතියක්


උතුරු වසන්තය වැඩසටහන යටතේ උතුරේ සෑම ගම්මානයකටම විදුලිය ලබා දීමේ විශේෂ ව්‍යාපෘතියක් මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය ආරම්භ කර ඇත. විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. උතුරු පළාතේ ත්‍රස්තවාදීන් විසින් විනාශ කළ විදුලි රැහැන් පද්ධති, විදුලි ට්‍රාන්ස්ෆෝමර් හා විදුලිය බෙදාහැරීමේ උපපොළවල් සංවර්ධනය කිරීම මේ යටතේ සිදුවේ. පසුගිය කාල වල ආරක්ෂක අංශ මුදාගත් ප්‍රදේශවල සිවිල් පරිපාලන කටයුතු ආරම්භ කිරිමෙන් පසු වසර 20කට අධික කාලයක් විදුලි බලය නොමැතිව තිබූ ඕමන්තයේ සිට මාන්කුලම් දක්වා කිලෝමීටර් 35ක ප්‍රදේශයක් ආවරණය කරමින් රුපියල් ලක්ෂ 100ක වියදමකින් නිමකළ මාන්කුලම් මාර්ගයට මේ වන විට විදුලිය ලබා දී තිබේ.