Friday, April 3, 2009

නිවුස් ෆස්ට් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

කිරිබත්ගොඩ, විහාරමහාදේවි බාලිකා විද්‍යාලය අසල ප්‍රවෘත්ති ආවරණයක යෙදී සිටි නිවුස් ෆස්ට් ප්‍රාදේශීය මාධ්‍යවේදී සුසන්ත අබේරත්න මහතාට ප්‍රහාරයක් එල්ල විය. පහර දුන් පිරිස එම මාධ්‍යවේදියාගේ කැසට් පට හා ජංගම දුරකතනය පැහැරගෙන තිබේ. ඔහු විහාරමහාදේවි බාලිකා විද්‍යාලය අසලට ගොස් තිබුණේ, උද්ඝෝෂණයක් ආවරණය කිරීමටය.