Monday, April 6, 2009

වේයන්ගොඩ මැර ප‍්‍රහාරයකින් ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෙක් මරුට.

ගම්පහ වේයන්ගොඩ ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු මියගොස් තිබෙනවා. බස්නාහිර පළාත් මහ ඇමැති අපේක්ෂක වරුණ රාජපක්ෂ මහතා පැවසුවේ අද අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. එහිදී තවත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෑන් රථ තුනකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගිය බවයි වරුණ රාජපක්ෂ මහතා සඳහන් කළේ.