Tuesday, April 7, 2009
යුද හමුදාපතිවරයා සහ අමෙරිකානු තානාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ යුද හමුදා මූලස්ථානයේදීයි. වන්නි මානුෂීය මෙහෙයුමේ හමුදා ජයග‍්‍රහණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ ඔවුන් දෙදෙනා යුද මුක්ත කලාපයේ සිටින ජනතාව මුදා ගැනීම පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ වන්නි යුද මෙහෙයුම පිළිබඳව යුද හමුදාපතිවරයා අමෙරිකානු තානාපතිවරයා දැනුවත් කළ බවයි. එල් ටී ටී ඊ නායකයන් රැසක් මියගොස් ඇති බැවින් ඔවුන්ගේ ශක්තිය පෙන්විමට නොහැකි බව රොබට් ඕ බ්ලේක් මහතා ප‍්‍රකාශ කළා. වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ද යුද මුක්ත කලාපයේ සැඟවී සිටින බවට තමන් විශ්වාසය පළ කරන බවයි යුද හමුදාපතිවරයා මෙහිදී කියා සිටියේ.

