Sunday, April 5, 2009

පුදුකුඩිඉරිප්පු සහමුළින් ම හමුදාව අතේ

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය සම්පුර්ණයෙන්ම සියතට ගැනීමට යුද හමුදා භට පිරිස් අද සමත් වූහ.
ප්‍රදේශයේ පැවැති දරුණු ගැටුම්වලින් පසු පුදුකුඩිඉරිපු ප්‍රදේශයේ සම්පූර්ණ බලය අත්පත් කරගෙන ඇත.
53, 58 වන සේනාංක මෙන්ම 8 වන කාර්ය සාධක බලකායේ භට පිරිස් ප්‍ර‌දේශයේ බලය සම්පුර්ණයෙන්ම තහවුරු කර ගත් බව ආරක්ෂක අංශ පවසයි.
මේ වන විට එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
පුදුමාතලන්හි විශේෂ ආරක්ෂක කලාපයට වෙන්කළ කොටස හැර ඉතිරි කිලෝමීටරයක ප්‍රදේශය අත්පත් කර ගැනීම සදහා ගතවූ දින කිහිපය තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කල බව ආරක්ෂක හමුදා පැවසූහ.
එම ගැටුම්වලදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 93 දෙනෙකුගේ සිරුරු ඊයේ දිනය තුළ එම ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.