ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ වාර්තා කිරීමට ජාත්‍යන්තර මාධ්‍යයන්ට ඕනෑ තරම් නිදහසක් තිබෙන බව ආපදා කලමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඇමතිවරයා කියා සිටියේ මේ වන විටත් ජාත්‍යන්තරයේ ප්‍රබල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් දිනපතාම පාහේ ශ්‍රී ලංකාවේ තොරතුරු වාර්තා කරන අතර ප්‍රකාශ නිකුත් කරන බවත් ඊට ශ්‍රී ලංකා රජය කිසිඳු බාධාවකින් තොරව නිදහස දී තිබෙන බවත්ය.
ශ්‍රී ලංකා රජයට සැඟවීමට කිසිවක් නැති බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් ගැටළු තිබුණද ජාත්‍යන්ර නියෝජිතයින්ට වන්නි ප්‍රදේශයන්‍ට ගොස් සියැසින් සැබෑ තත්ත්වය දැකබලාගැනීමට හැකි සෑම අවස්ථාවකදීම කටයුතු කරන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.