Thursday, April 2, 2009

බස් රථවලට පහර දුන් පුද්ගලයින්ට දැඩි දඬුවම්

අප්‍රේල් 02
බස් රථවලට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ගත වූ දින තුන තුළ ලංගම සහ පෞද්ගලික බස් රථ 38කට පහර දී අලාභ හානි සිදු කර ඇති බවය.
දැනටමත් මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.