Thursday, April 30, 2009

‘කිසිම සටන් විරාමයක් නැහැ’ - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ‍

රජය කිසි ලෙසකින් හෝ පූර්ණ සටන් විරාමයක් කරා යොමුවී නැති බව රජයේ ආරක්‍ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.

පසුගිය සදුදා රජය විසින් ප්‍රකාශයට පත් කළ සංග්‍රාමික මෙහෙයුම් නතර කළ බවට කළ නිවේදනය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් වැරදි අර්ථකථන ලබා දෙමින් එය සටන් විරාමයක් ලෙසින් හදුන්වා දෙමින් සිටින බවත් රඹුක්වැල්ල අමාත්‍යවරයා අද(29) පැවති ආරක්‍ෂක තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.