අප්‍රේල් 10 - පුදුමාතලන් සිට සිවිල් වැසියෝ 382 ක් ඊයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට පැමිණියහ.
මේ අතර පුදුමාතලන් ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් වලදී මියගිය එල් ටී ටී ඊ සාමාජිකයින් හත් දෙනෙකුගේ මල සිරුරු ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබිණ.
ආරක්ෂක අංශ පැවසුවේ පසුව එම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකදී ක්ලේමෝ බෝම්බ 21 , ටී 56 ගිනි අවි 29 ක් , කාලතුවක්කු උණ්ඩ 122 ක් ද සොයා ගැනීමට හැකි වූ බවය.
පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සිවිල් වැසියන් 66000 කට ආසන්න පිරිසක් මුදා නොගත් ප්‍රදේශ වල සිට පැමිණ ඇති බව ද ආරක්ෂක අංශ පැවසීය.

