ප්‍රංශ විදේශ අමාත්‍ය බර්නාඩ් කුෂ්නර් හා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් යන මහත්වරු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාගේ ආරාධනයක් පරිදි හෙට (29) මෙරටට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි. ස්වීඩ්න් විදේශ අමාත්‍ය කාර්ල් බිල්ඩ්ට් මහතා ද මෙරටට පැමිණීමට නියමිතව තිබුණ ද නිශ්චිතවම ඔහු පැමිණෙන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව එම අමාත්‍යාංශය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මුදාගත් ප්‍රදේශවල සිදුකළ යුතු කාර්යභාරය සම්බන්ධයෙන් සහ කොටි ග්‍රහණයේ සිට රජයේ පාලන ප්‍රදේශ කරා පැමිණි ජනතාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

