Tuesday, April 7, 2009

හිටපු අමාත්‍ය හුරුල්ලේ හෙට අවසන් ගමන් යයි

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ඊ.එල්.බී.හුරුල්ලේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
දේහය දැනට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.
මියයන විට 90 වැනි වියේ පසුවූ හුරුල්ලේ මහතා දරුවන් පස් දෙනෙකුගේ පියෙකි.
1956 වසරේ සිට 1965 වසර දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ හුරුල්ලේ මහතා ඩඩ්ලි සේනානායක මහතාගේ රජයේ ප්‍රවාහන අමාත්‍යරයා ලෙස ක්‍රියා කළේය.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වූ ඊ.එල්.බි.හුරුල්ලේ මහතා 1987 වසරේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට ද පත් විය.